தமிழ்
English
Contact
Friday 14th August 2020    
මහ මැතිවරණ අපේක්ෂකයන් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා - පැෆරල් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහ මැතිවරණ අපේක්ෂකයන් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා – පැෆරල්



මහ මැතිවරණ රැස්වීම්වලදී ඒ් සම්බන්ධව සෞඛ්‍ය ඇමතිවරිය නිකුත්කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් නියෝග ප්‍රසිද්ධියේ උල්ලංඝනය කෙරෙන බවට පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.

ජූලි 17 දින, අංක 2184/34 දරණ ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ නියෝග නිශ්චිතවම උල්ලංඝනය කෙරෙන අවස්ථා ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන බව පෙන්වා දෙන පැෆරල් සංවිධානය නීති ක්‍රියාත්මක කිරීමට යොදවන පොලිසිය විසින් ඒම නීති උල්ලංඝනය කිරීම් දෙස නිශ්ක්‍රිය ලෙස බලා සිටින බවද චෝදනා කරයි. “2020 අංක 1 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්-19) (ඡන්ද විමසීම්) නියෝග” නමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒහි නියමයන් කඩකරන අයවලුන්ට ඒරෙහිව නිරෝධායනය හා රෝග වැලැක්වීමේ ආඥා පනතතේ අංක 6 වගන්තිය ප්‍රකාරව බලය පවරා ඇත්තේ පොලිසියටය.

නමුත් ඒවැනි නීතිය උල්ලංඝනය කිරීම් වැළැක්වීමට හො ඒම වරදකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකර පොලිස් නිලධාරින් අක්‍රිය ලෙස බලා සිටින දර්ශන රූපවාහිනියේ විකාශය වේ.