தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
මහ විරු සැමරුම් තහනම් නොකරන ලෙස ඉල්ලූ පෙත්සම් අධිකරණය ප්‍රතික්ෂේප කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහ විරු සැමරුම් තහනම් නොකරන ලෙස ඉල්ලූ පෙත්සම් අධිකරණය ප්‍රතික්ෂේප කරයි



එල්.ටී.ටී.ඊ මහවිරු සැමරුම පැවැත්වීම වළකාලමින් පොලීසිය විසින් ගත් පියවර සම්බන්ධයෙන් පොලීසියට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් පිරිසක් විසින් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තීන්දුවක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

වවුනියා සහ මන්නාරම ප්‍රදේශයේ ඊළඟ සතියේ පැවැත්වීමට නියමිතව තිබෙන මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සැමරීමේ වැඩසටහන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වවුනියාව හා මන්නාරම පොලීසිය මඟින් එම ප්‍රදේශවල අධිකරණ වෙත ගොස් තිබුණි.

ඒ අනුව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පුද්ගලයින් 05 දෙනකුට එරෙහිවත්, වවුනියා මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පුද්ගලයින් 08 දෙනකුට එරෙහිවත් තහනම් නියෝග නිකුත් කොට තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා තිබේ.

යම් අයෙකු එම ප්‍රදේශවල දී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සැමරීමක් කළහොත් ඒ අයට එරෙහිව අධිකරණ නියෝගවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.