Posted on 01.10.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
යුද්ධයේදී මිය ගිය උතුේ හා නැගෙනහිර වැසියන් සිහි කරමින් යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් විශ්වවිද්‍යාල පරිශුයේ ඉදිකර තිබුනු ස්මාරකයක් සන්නද්ධ බලය යොදා රාත්‍රි කාලයේ විනාශකර දැමීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට හෙට(11) හර්තාල් දිනයක් කැඳවා ඇත.
ඒ අනුව, හෙට දින යාපනය නගරයේ හා උතුර නැගෙනහිර වෙනත් නගරවල වෙළඳ ව්‍යාපාරික කටයුතු මෙන්ම වෙනත් කටයුතු අත්හිටුවා ජනතාවගේ විරෝධය සංකේතවත් කරනු ඇති බව දැනගන්නට ඇත. යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හමුවේ මෙවැනි බලහත්කාරයක් සිදුවීඹ සම්බන්ධව සහයෝගය පළ කිරීමට නැගෙනහිර විශ්වවිද්‍යාල ශිෂ්‍ය පිරිසක්ද හෙට දින යාපනයට පැමිණීමට නියමිත බව අපගේ මූලාශ්‍ර වාර්තා කරයි.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරමින් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් ඉදි කළ ස්මාරකය විනාශ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකර ඇත. මියගියවුන් සිහිකිරීම මානව අයිතියක් බව පෙන්වා දෙමින් මෙම සිදුවීමට විරෝධය දක්වමින් ඒ නිවේදනය නිකුත්කර ඇත.
ජනවාරි 8 දින යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු පිරිසක් විශ්ව විද්‍යාලය අසළට පැමිණ මෙම ස්මාරකය ගලවා ඉවත් කිරීමේ උත්සාහය සම්බන්ධ විරෝධය පළ කළ අතර පොලිසිය හා සන්නද්ධ භටයන් පැමිණ ශිෂ්‍ය විරෝධය විසුරුවා හරින ලදී. කෙසේවෙතත් හොර රහසින් රාත්‍රි කාලයේ බැකෝ යන්ත්‍රයක් ගෙන්වා මෙම ස්මාරකය විනාශ කිරීම බියගුලු ක්‍රියාවක් බවද, යාපනයේදී මිය ගියවුන් සිහි කිරීමට ඉඩක් නොමැති නම් යාපනයේ ජනතාවට නිදහසක් නැති බවද මෙම බලහත්කාරයට විරෝධය පළ කළවුන් පෙන්වා දී තිබිණි.