Posted on 01.11.2021 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
ගෝඨාභය රාජපක්ෂ පාලනයේ මුරබල්ලන් විසින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් විසින් ඉදි කළ ස්මාරකය, ‘මළවුවන්ගේ ස්මාරකය’ වනසා දමා ඇත.
තිස් වසරක යුද්ධයෙන් මිය ගිය සිය ආදරණීයයන් වෙනුවෙන් ඔවුන්ට කනගාටු වීමේ, වේදනාව ප්‍රකාශ කිරීමේ හා ඔවුන් පිළිගත් මතය හා ගෙන ගිය අරගලයේ වීරත්වය ස්මරණය කිරීමේ අයිතියක් ඇත. කිසිවකු මළවුන්ට අවමන් කරන්නේ නම්, ඔවුන් මළවුන්ටද අන්ත ආත්මයන් බව ස්ථිර වශයෙන්ම කිව හැකිය. ඒ නිසා මේ රටේ පාලනය හිමිව ඇත්තේ මළ අවතාරවලටත් අන්ත පහත් පාතාලයන්ට බව දැන්වත් ඇස් හැර දැකගත යුතුව ඇත.
තම මව් හා පියා වෙනුවෙන් සබන්බෝල ස්මාරකයක් තැනු රාජපක්ෂලාට, එරෙහිව විරෝධය නැගුණේත් නීතිමය පියවර ගැණුනේත් මියගියවුන් සිහිකිරීම ගැන ඇති ද්වේශයකින් නොවේ. රාජපක්ෂ සහෝදරවරුන් විසින් තම මව්පියන්, ස්මරණය කිරීම ගැනද නොවේ. ජනතාවගේ මුදලින් ඒ සිදුකිරීම පිළිකුල් සහගතය. ඊටත් වඩා පිළිකුල් සහගත දේ රාජපක්ෂ සහෝදරයන් විසින් සිදුකර ඇත. යුද සමයේ ඒල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පවත්වාගෙන ගිය සොහොන් ඩෝසර් කරමින් පටන් ගත් මළවුන්ට අවමන් කිරීම සම්බන්ධව අපට ඒ අවස්ථාවේ කිසිවක් කළ නොහැකිවීම නිසා මේ ඩෝසර් කිරීම තවදුරටත් සිදුවන බව පෙනේ. ඒ සම්බන්ධ අපගේ පශ්චාත්තාපය පමණක් ප්‍රමාණවත් නැත.
කිසිවකු මිය ගිය පසුව අවමන් කිරීම මනුෂ්‍යත්වය නොවේ. මියගියවුන් වෙනුවෙන් ඉදි කළ ස්මාරක වැනසීම රාජපක්ෂවරුන්ගේ පුරුද්දක් වී තිබේ. එක්සත් ජාතික පක්ෂ භීෂණය සමයේ මරා දැමුණු ඇඹිලිපිටියේ ශිෂ්‍යයන් වෙනුවෙන් ඉදි කළ ‘අහංසකයන්ගේ ආරාමය’ වැනසීම ගැන කිසිවකුට කිසිවක් කිරීමට නොහැකි විය. මාධ්‍ය විසින් ඒ බව වාර්තා කළද රාජපක්ෂලාගේ මිනිමරු පාලනයට එරෙහිව හඬක් නගන්නට සිටියේ සුලු පිරිසකි. දැන්, යාපනයේදී සිදු කළ ස්මාරක වැනසීමේ ම්ලේච්ඡ ක්‍රියාව මෙන්ම මළ සිරුරු භූමදානයට තහංචි ගෙන ඒම සම්බන්ධවත් සාමුහිකව හඬක් නැගිය යුතුව ඇත.