Posted on 02.10.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන මාකදුරේ මදූෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය විසින් කළ බව කියන විමර්ශන අවසන් වී ඇතැයි විදේශ පුවත් ආරංචි මාර්ග කියයි.
මදුෂ්සැ ඇතුළු සැකකරුවන් අද(10) අධිකරණයට ඉදිරිපත් කළ බවට වාර්තා පළ වුවද මේ වන තෙක් කිසිම සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර නැත. අත්අඩංගුවේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර නොසිටියද මේ වන තෙක් කිසිම සැකකරුවකුට ඇප ලබා දී නොමැති අතර ඔවුහු බර්ඩුබායි පොලිසියේ රඳවා සිටිති.
විමර්ශන අවසන් නිසා අධිකරණයට ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එරට පොලිසිය කඩිනම් තීරණයක් ගනු ඇත.