தமிழ்
English
Contact
Saturday 16th February 2019    
මාකදුරේ මධුෂ්ට අරාබියේම දඩුවම් දෙන්න වැඩි දෙනකු ඉල්ලනවා - නලින්ද ජයතිස්ස | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාකදුරේ මධුෂ්ට අරාබියේම දඩුවම් දෙන්න වැඩි දෙනකු ඉල්ලනවා – නලින්ද ජයතිස්ස



අපරාධ චෝදනා ඇති පුද්ගලයකු ලෙස චෝදනා එල්ලවන මාකදුරේ මධුෂ් ඩුබායි හිදීම දණ්ඩනයට ලක් කළ යුතු බවට වැඩි දෙනකු ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා ඊයේ(6) පැවසුවේ මෙම අපරාධකරු ඇත්ලීමට එක්ව මෙහෙයුම් කළ පොලිස් විශේෂ කාර්ය බලකායටත් එහි ප්‍රධානියාට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයටත් අනෙකුත් නිලධාරින්ටත් තම පක්ෂයේ ප්‍රණාමය හිමිවන බවයි. වෙනත් පක්ෂවල මන්ත්‍රිවරු ද මෙම අදහස් දැක්වීමට එකගතාව පළ කළ අතර ඇතමුන් කීවේ සැකකරු සම්බන්ධ නීතිමය පියවර ගැනීමට ඔහු වහාම ලංකාව ගෙන ආ යුතු බවය.