தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
මාධ්‍යවේදි ලසන්ත රුහුණගේ වෙත අද්භූත දුරකතන ඇමතුමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍යවේදි ලසන්ත රුහුණගේ වෙත අද්භූත දුරකතන ඇමතුමක්!



මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ වෙත ලැබුණු ව්‍යාජ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඔහු පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇත.

ඩයලොග් මෙගා වාසනා දිනුමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් ලෙස ලබාදුන් ඇමතුම් අංකයට නැවත ඇමතූ විට ඒ වලංගු දුරකතන සබඳතාවක් නොවන බව දැන ගැනීමෙන් පසුව, මෙම සැක කටයුතු ඇමතුම හේතුවෙන් කිසියම් වංචනික ක්‍රියාවක් සිදුවේ යැයි සැකය මත මාධ්‍යවේදියා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇත.
කලක් රාවය පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලෙස කටයුතු කළ ලසන්ත මේ වන විට ‘අනිද්දා’ සති අන්ත පුවත්පතේ ප්‍රවෘත්ති අංශය බාරව සිටී. ගවේශනාත්මක පුවත්පත් කලාවේදියකු ලෙස දේශපාලන පවුල්වල සහ ඇතැම් වංචනික පුද්ගලයන්ගේ වංචා දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ තොරතුරු ඇතුළත් විශේෂාංග සකස් කිරීමෙන් ඔහු විශේෂ කීර්තියක් දිනා ඇත. වරින්වර ආණ්ඩුවේ බලවතුන් සම්බන්ධයෙන් කරුණු සහිතව කළ අනාවරණයන් හේතුවෙන් ඔහු ඉලක්ක කරමින් කිසියම් සැලැස්මක් ක්‍රියාත්මක වේදැයි මෙවැනි දුරකතනඇමතුම් සිදුවීම් අවධානය යොමු කළ යුතුව තිබේ.
ඔහු මේ සම්බන්ධයෙන් නීතිමය පියරව ගැනීමට කටයුතු කර නැතත්, මෙවැනි සැක කටයුතු දුරකතන ඇමතුමකින් යම් කිසි වංචනික කටයුත්තක් සිදුවඇත්දැයි දැන ගැනීම පිණිස මෙම පැමිණිලි කිරීම සිදුකර ඇත.
ඔහු පොලිස්පතිවරයා වෙත මේ සම්බන්ධ ලිඛිතව කළ පැමිණිල්ල පහත සටහන් වේ.

.‘සීඩී වික්‍රමරත්න මහතා

පොලිස්පති

ශ්‍රී ලංකා පොලීසිය

දිනුම් ඇදීමක් පිළිබඳ ව්‍යාජ දූරකථන ඇමතුමක් ගැන පරීක්ෂණයක් කරන ලෙසට දැනුම්දීම

අගෝස්තු 14 වැනිදා දහවල් 12.39ට පමණ මාගේ දූරකථන අංකයට 0741840442 යන දූරකථන අංකයෙන් ඇමතුමක් ලැබුණි. ඩයලොග් ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙන් අමතන බව කියමින් මගේ නම කියා ඇමතූ තැනැත්තියක් විමසා සිටියේ ඩයලොග් මෙගා වාසනා දිනුමක් මට හිමි වී ඇති බවත්, ලැබෙන දැනුම්දීම් නොබලන්නේදැයි අසන ලදී.

මා කීවේ ලැබෙන ඇමතුම් දැනුම්දීම් බලන බවත් එවැනි දැනුම්දීමක් නොදුටු බවත්ය. මා භාවිතා කරන්නේ මගේම දූරකථනයදැයි අසා ඔව් කී විට එය තහවුරු කිරීම සඳහා මගේ ජාතික හැඳුනුම්පත් අංකය විමසා සිටි අතර ඉන්පසු මාගේ රැකියාව කුමක්දැයි විමසා සිටින ලදී.

මා වර්තමානයේ අනිද්දා පුවත්පතේ සේවය කරන බව කීමෙන් පසු පසුව ඇමතුමක් ලබාදෙන බව පවසා දූරකථන සම්බන්ධතාව අවසන් කරන ලදී.

මෙම දූරකථන ඇමතුම පිළිබඳ විශාල සැකයක් ඇති වූ බැවින් ඉහත කී දූරකථන අංකය පිළිබඳව ඩයලොග් ආයතනයෙන් විමසීමක කළ අතර එය ව්‍යාජ ඇමතුමක් බව දැනගන්නට ලැබුණි.

ඒ අනුව ඉහත සඳහන් ආකාරයට දූරකථන ඇමතුමක් ලබා ගත්තේ දිනුම් ඇදීම් පිළිබඳ ව්‍යාජ තොරතුරු මිනිසුන්ට ලබා දී ඒ මගින් මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත පිරිසක් බව පැහැදිලිය.

එම නිසා මට හට එම ව්‍යාජ ඇමතුම ලබාදුන් ඉහත සඳහන් දූරකථන අංකය පිළිබඳ පරීක්ෂා කර මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පිවරක් ගන්නා ලෙස මේ මගින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. එසේම මේ පිළිබඳ මා වැඩිදුරටත් දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිමි.

ස්තූතියි.

ලසන්ත රුහුණගේ
නියෝජ්‍ය කතෘ
අනිද්දා පුවත්පත’