தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
මාධ්‍යවේදීන් දඩයම වෙන්නෙ පැටලිල්ලක් නිසාලු - මාධ්‍ය ඇමති ඇඟ බේරා ගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍යවේදීන් දඩයම වෙන්නෙ පැටලිල්ලක් නිසාලු – මාධ්‍ය ඇමති ඇඟ බේරා ගනී!



පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන කළ ප්‍රකාශයක් සම්බන්ධ වාර්තා කිරීම හා වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කිරීම නිසා මාධ්‍යවේදීන් දඩයම් කිරීමට පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පියර ගෙන ඇත්තේ කොතැනක හෝ ඇති වූ පැටලිල්ලක් නිසා බව ජනාමධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම පවසයි.

ඊයේ(29) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී
මාධ්‍යවේදියෙකු වෙත පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා පවසා තිබෙන්නේ ‘කොතැනක හෝ පටලැවිල්ලක් තිබෙන බව’ය.

ඩලස් ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තමාත් ආණ්ඩුවත් මෙම ක්‍රියාව තරයේ ප්‍රතික්ෂේප කරන බව සහ මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න නොකරන ලෙස අගමැතිවරයා ඉතා පැහැදිලිවම පොලිසිය බාර ඇමති සරත් වීරසේකරට උපදෙස් ලබාදී තිබූණු බවත්ය.

සැප්තැම්බර් 28 දිනයේ පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ සිරි රණසිංහ, දි අයිලන්ඩ් ප්‍රධාන කතෘ සමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ යන ප්‍රධාන කතුවරන් සහ ප්‍රභාත් සහබන්දු, අනුර සොලමන්ස්, ඇතුළු මාධ්‍ය වේදීන් 6 දෙනෙකු සුදු ලූණු වංචාව පිළිබඳව ප්‍රශ්න කිරීමට
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.