தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
මාධ්‍යවේදී එක්නැළිගොඩ අතුරුදන්කිරීමේ චෝදනා විභාගයට දින නියම වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍යවේදී එක්නැළිගොඩ අතුරුදන්කිරීමේ චෝදනා විභාගයට දින නියම වේ!



මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටින යුද හමුදාවේ විත්තිකරුවන් 9 දෙනාට එරෙහි නඩුව 2020 පෙබරවාරි 20 වැනිදා විභාගයට ගැනීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (18) නියෝග කළේය.

මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා කියා සිටියේ මෙම නඩුවේ සාක්කි ලෙස නම් කර ඇති දුරකථන අංක දහයකට අදාළ ඇමතුම් දත්ත වාර්තා විත්ති පාර්ශවයට ලබා දෙන ලෙසය. ඒ අනුව සියලූ දුරකථන ඇමතුම් වාර්තා ලබන 20 වැනිදාට පෙර විත්තිය වෙත ලැබීමට කටයුතු කරන ලෙසද විනිසුරු මඩුල්ල රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට නියම කළහ.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සදහා පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනාට එරෙහි මෙම අධිචෝදනා ගෙනු කර තිබුණි.

2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩාලච්චේන හා අක්කරපත්තුව ප‍්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප‍්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවද ඒ අනුව නීතීවිරෝධී ඒකරාශීවීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන් ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කර ඇත.

ගිරිතලේ යුද හමුදා කදවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලූතිනන් කර්නල් ගිරිතලේ යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලූතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, වීනී ප‍්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, වයි.එම්. චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කණ්ෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ‍්‍රමනියම්, ඞී.ජී. තරංග ප‍්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් නමැති යුද හමුදා නිලධාරීන් මෙහි විත්තිකරුවෝ වෙති.

මෙම නඩුව, ගිහාන් කුලතුංග හා සම්පත් අබේරත්න යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාගයට ගනු ලබයි.