Posted on 02.14.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල පිහිටි නිවසට ඊයේ රාත්‍රි ප්‍රහාරයක් එල්ල වී ඇත.
තමා, බිරිඳ සහ දියණිය නිවෙසේ නිදාගෙන සිටියදී අලුයම 2.00ට පමණ වෙඩි ශබ්ද හා ගල් ප්‍රහාරයක් එල්ලවූ බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මාධ්‍ය වෙත පවසා ඇත.
සිද්ධිය හේතුවෙන් පොලිස් ක්ෂණික දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයට දැන්මු දීමට හු පියවර ගෙන ඇත. නිවසේ ස්ථාන ගණනාවකට ගල් ප්‍රහාරයෙන් දැඩි අලාභ හානි සිදුවී ඇති බවද තැන් තැන්වල අසූචි වැටී තිබුණු බවද චමුදිත සමරවික්‍රම පවසයි. පසුව අසූචි සහිත බඳුනක් නිවස අසළ වැටී තිබුණු බවද ඔහු පවසයි.
මේ ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් සිවු දෙනකු පැමිණි බවත් එක් අයකු ආරක්ෂක නිලධාරියාට තර්ජනය කර බිය වැද්දීමෙන් පසුව සෙසු තුන් දෙනා නිවසේ මිදුලට පැමිණ මේ ප්‍රහාරය එල්ල කර ඇති බව මාධ්‍යවේදියා පවසයි.