தமிழ்
English
Contact
Tuesday 27th October 2020    
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම - නඩු විභාගයට සැප්තැම්බර් 2 දින නියම වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම – නඩු විභාගයට සැප්තැම්බර් 2 දින නියම වේ!



මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධව ඔත්තු සේවා සාමාජිකයන් 9 දෙනකුට එරෙහි නඩු විභාගය සැප්තැම්බර් 2 දින විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහා
ධිකරණය අද(9) තීන්දුකර ඇත

2010 ජනවාරි 24 වැනිදා කොළඹදී පැහැරගෙන ගිය මාධ්‍යවේදී එක්නැලිගොඩ ගිරිතලේ හමුදා කඳවුරේ රඳවා තබාගෙන සිටීම හා පසුව ඝාතනය කළ බවට සැක පිට ගිරිතලේ කඳවුරේ එවකට අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුලු ඔත්තු නිලධාරින් පිරිසකට නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙහිදී 2වැනි හා 4වැනි චූදිතයන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන් පවසා ඇත්තේ නඩු දිනයේ ඔවුන් අධිකරණය හමුවට ගෙන එන බවයි. එසේම සැප්තැම්බර් 2 වැනි දින සාක්ෂි ලබාදීමට පළමුවන සාක්ෂිකාරිය ලෙස මාධ්‍යවේදී එක්නැලිගොඩගේ බිරිය, සන්ධ්‍යා එක්නැලිගොඩ හා 53වන සාක්ෂිකරු පොලිස් පරික්ෂක ප්‍රේමරත්න අධිකරණයට කැඳවා ඇත.