Posted on 11.29.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පසුගිය නොවැම්බර් 28 දින පෙරවරුවේ මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මාධ්‍ය වාර්තාකරණයක යෙදී සිටියදී හමුදා සාමාජිකයන් පිරිසක් විසින් පහරදී තිබේ.
මුල්ලිවෛක්කාල නාමපුවරුවෙහි ඡායාරූපයදී ගනිමින් සිටි අවස්ථාවේදී කටුකම්බි ඔතන ලද තල් පිත්තකින් විසින් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුකර ඇතැයි වාර්තාවේ.
ප්‍රහාරය සිදුකර ඇත්තේ එම ස්ථානයේ රැඳීසිටි හමුදා භට පිරිසක් විසින් බව සිද්ධිය ඇසින් දුටු මාධ්‍යවේදීන් පවසා සිටී. මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරිකවරයා ද වන මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මේ වන විට බරපතල තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියි.
මුලතිව් මාධ්‍යවේදින් විසින් පහරදුන් අයගේ ඡායාරුප සාක්ෂි ද සහිතව මේ පිළිබඳව මුලතිව් පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබේ. එම පැමිණිල්ලෙන් පසු අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයන් තිදෙනකු එදිනම ඇප මත නිදහස් කර ඇති බවද වාර්තා වේ.
මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය, ලෝකයේ රටවල් 160 ක මාධ්‍ය සංවිධාන 170 ක පමණ නියෝජනයක් සහිත ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (International Federation of Journalists-IFJ) සාමාජික සංව්ධානයක් ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් හෙළා දැක තිබේ.
මෙම ප්‍රහාරය සමස්ථ මාධ්‍යවේදීන්ට නිදහසේ වාර්තා කිරීමට ඇති අයිතියට එල්ල කළ ප්‍රහාරයක් ලෙස සළකන බවත් එම සම්මේලනය ප්‍රහාරයට වගකිවයුත්තන් වහාම නීතිය හමුවට කැඳවන ලෙසත් බලකරන සිටින බවත් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සඳහන් කර සිටියි.