தமிழ்
English
Contact
Friday 14th May 2021    
මාධ්‍ය නිදහස කියන්නෙ මාධ්‍ය හිමිකරුවන්ගේ නිදහස නෙමෙයි - ගෝඨාභය රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍ය නිදහස කියන්නෙ මාධ්‍ය හිමිකරුවන්ගේ නිදහස නෙමෙයි – ගෝඨාභය රාජපක්ෂ



මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි. ඇතැම් මාධ්‍ය ආයතන හිමියන්ට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කළ නොහැකි බවත් ඔහු පවසා ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, යෝඹුවැල්තැන්න ප්‍රදේශයේ දී පෙරේදා (20) පැවති “ගම සමඟ පිළිසඳර” 15 වැනි වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කර තිබේ.

විවිධ කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත වැරදි මාධ්‍ය භාවිතයක නිරත වෙමින් රටත්, ජනතාවත් නැවත අගාධයට ඇද දැමීමට උත්සහ කළහොත් එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිලෙන්නේ නොමැති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෑතකදී පැවති සෑම මැතිවරණයකදීම මාධ්‍ය හිමිකරුවන් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා විශාල ප්‍රචාරණයක් ලබාදුන් බව දක්නට ලැබුණි. තවදුරටත් ප්‍රධාන මාධ්‍ය බොහොමයක් කටයුතු කරමින් සිටින්නේ ඒ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙනි.

ඒ වෙනුවෙන් ප්‍රතිඋපකාර ලෙස මෙම මාධ්‍ය හිමිකරුවන්ට වර්තමාන ආණ්ඩුවෙන් විවිධ වරප්‍රසාද ලැබුණි. එවැනි තත්ත්වයක් තිබියදී ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය හිමිකරුවන් රට පාලනය කිරීමට උත්සාහ කරන බව කීම විහිළුවකි.