தமிழ்
English
Contact
Sunday 15th December 2019    
මාධ්‍ය නිදහස නැතැයි හිරු මාධ්‍යයෙන් පොලීසියට පැමිණිල්ලක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍ය නිදහස නැතැයි හිරු මාධ්‍යයෙන් පොලීසියට පැමිණිල්ලක්



හිරු මාධ්‍ය ජාලයට එරෙහිව රට පුරා ‘කුඩු එපා හිරු එපා බොරු එපා’ යනුවෙන් එම මාධ්‍ය ජාලයේ ලෝගෝවද සහිතව පෝස්ටර ප්‍රචාරය වීමට එරෙහිව එම මාධ්‍ය ජාලයේ ප්‍රධානීන් දෙදෙනෙකු පසුගියදා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් යොමු කරන ලදී. හිරු මාධ්‍ය ජාලය පවසන්නේ මෙම සිදුවීම මාධ්‍ය නිදහසට එල්ලවූ බරපතල පහරක් බවයි.

මංගල සමරවීර හා තලතා අතුකෝරාල ඇමතිවරුන් පසුගිය සතියේ චෝදනා කර තිබුනේ ගෝඨාභය රජයක් පිහටුවීමේ උවමනාවෙන් මෙම මාධ්‍ය ජාලය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවයි.

එසේම ප්‍රතිවාදි අපේක්ෂකයින් සිනහවට ලක්කරන කොටස් පමණක් උපුටා පළකිරීමත් කරුණු විකෘති කිරීමත් හිරු සිදු කර ඇති බවට චෝදනා එල්ල විය.
මංගල සමරවීර මේ සම්බන්ධයෙන් පැමිණිලි මැතිවරණ කොමිසමටද දන්වා ඇති අතර ඔහු දන්වා තිබුනේ පසුගියදා ෆවුසි ඇමතිවරයා කළ ප්‍රකාශයක් ‘ඝෝඨාභය ඝාතනය කළ යුතුයි ‘ යනුවෙන් බරපතල ලෙස විකෘති කර ඇති බවයි. ඒ සම්බන්ධ පොලිස් පරීක්ෂණයක්ද දැනට ක්‍රියාත්මකවේ.

මේ කියන චෝදනා සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලය පවසන්නේ තමන් එසේ පක්ෂග්‍රාහී නැති බවත් තමන්ගේ මාධ්‍ය නිදහස නැති කිරීමට රජයට සම්බන්ධ ඇමතිවරු හා පෝස්ටර් අලවන සංවිධාන කටයුතු කර ඇති බවයි.