தமிழ்
English
Contact
Sunday 31st May 2020    
මාධ්‍ය ප්‍රචාර පාවිච්චි කරමින්ම නිශ්ඵල මැතිවරණ ප්‍රචාරක ක්‍රම වෙනස් කරන බවට ජනාධිපති කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍ය ප්‍රචාර පාවිච්චි කරමින්ම නිශ්ඵල මැතිවරණ ප්‍රචාරක ක්‍රම වෙනස් කරන බවට ජනාධිපති කියයි



ආණ්ඩුව සිය ප්‍රචාරක කටයුතු රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය හරහා දිගින් දිගටම සිදුකරමින් සිටින අතර පවතින මැතිවරණ ප්‍රචාරක ක්‍රම වෙනස් කිරීම ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අදහස් දක්වා ඇත.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ නිශ්ඵල සහ අධික වියදම් සහිත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරිම සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බවයි. ඔහු මෙම අදහස් පවසා ඇත්තේ කෝට්ටේෙ සංඝ සභාවේ මහා නායක ඉත්තෑපානේ ධම්මලාංකාර නා හිමි සහ මැල්කම් කාදිනල් රංජිත් හිමි මුණ ගැසී කළ සාකච්ඡා අතරතුරදීය. කාදිනල් හිමි එහිදී අදහස් දක්වමින් නාස්තිකාරි සහ වෛරය ඇති කරවන ඡන්ද ප්‍රචාරණ ක්‍රමයෙන් බැහැර වී නව මැතිවරණ රටක් නිර්මාණය කිරිම කාලින අවශ්‍යතාවයක් බව පෙන්වා දී ඇති අතර ජනාධිපතිවරයා ඉහත අදහස් පළකර ඇත්තේ ඊට පිළීතුරු දෙමින් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මාර්තු 2 පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවේ සිටම ආන්ඩුව තමන් යටතේ පාලනය කෙරෙන රාජ්‍ය මාධ්‍ය සියල්ලමත් ආණ්ඩුවට පක්ෂපාති පෞද්ගලික මාධ්‍ය සියල්ලමත් භාවිත කරමින් මැතිවරණයට වාසිදායක ප්‍රචාරක කටයුතු සිදුකරයි. මේ සම්බන්ධයෙන් කාදිනල්වරයා හෝ සංඝ සමාජයේ නායකයන් කිසිදු අනුහාසනාවක් ආණ්ඩුවේ නායකයන්ට ඉදිරිපත් කර නැත. නමුත් ජනාධිපතිවරයා මේ ආකාරයට ‘නිශ්ඵල සහ අධික වියදම් සහිත මැතිවරණ ප්‍රචාරණය’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැටලුකාරී වේ. ආණ්ඩු පාර්ශ්වයට  සියලු මාධ්‍ය ආවරණය හිමි කරගනිමින් ජනාධිපති ධුරය භාවිත කරමින් පක්ෂග්‍රාහී ප්‍රචාරණය පවත්වාගෙන යමින් ජනාධිපතිවරයා වෙනස් කරන්නට යන්නේ කුමක්ද යන්න ඔහු පැහැදිලිකර නැත.

මාර්තු 02 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ජනාධිපතිවරයා අවස්ථා තුනකදී සජීවි ලෙස ජනතාව ආමන්ත්‍රණයකර කොරෝනා වසංගතය සම්බන්ධ අදහස් දක්වන්නට කටයුතු කළේය. එහිදී වසංගතය මර්දනය කිරීම සාර්ථකව කරන්නට තමන්ට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශය බවද සඳහන් කරමින් තමන්ට වාසිදායක මාධ්‍ය ප්‍රචාරණයක් සිදුකළ බවට චෝදනා එල්ල විය. නමුත් වෙනත් දේශපාලන පක්ෂ කිසිවකට රාජ්‍ය මාධ්‍ය තුළ හෝ පෞද්ගලික මාධ්‍ය අවකාශයේ එවැනි අවස්ථා ලැබී නැත.