தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
මාධ්‍ය මුදලාලිලාට ඕන දේවල් කරන්න ඉඩ දෙන්න බැහැ - කෙහෙළිය රඹුක්වැල්ල | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍ය මුදලාලිලාට ඕන දේවල් කරන්න ඉඩ දෙන්න බැහැ – කෙහෙළිය රඹුක්වැල්ල



මාධ්‍ය නිදහස වැරදි ලෙස අර්ථකථනය කරමින් රටේ නීති රාමුවට පිටින් ගොස් මාධ්‍ය මුදලාලිලාට අවශ්‍ය ලෙස තක්කඩි වැඩ කරන්න ඉඩ දිය නොහැකි බවත් එවැනක් සඳහා කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් පවතින නීති රාමුව යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට නොවන බවත් ජනමාධ්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

මාධ්‍ය නිදහස හා නීතීය පටවලා නොගත යුතු බවත් කිසිවකුත් වල්බූරු නිදහසක් බලාපොරොත්තු නොවිය යුතු බවත් ඔහු පවසා තිබේ.

මහනුවරදී පෙරේදා (10) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.