தமிழ்
English
Contact
Friday 14th August 2020    
මාධ්‍ය සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවන්න භාණ්ඩාගාරයෙන් මුදල් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍ය සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවන්න භාණ්ඩාගාරයෙන් මුදල්



කොවිඩ් 19 වයිරසයත් සමඟ සංචාරක ව්‍යාපාරය අඩාලවීම හේතුවෙන් ආදායම් අහිමි වී ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් සහ නඩත්තු කටයුතු සඳහා මහාභාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් කෝටි 11 ක පමණ මුදලක් ද අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක පමණ මුදලක්ද වැයවනු ඇතැයි ගණන් බලා ඇත.

අරමුදලේ ස්ථිර සේවකයින් 2330 දෙනෙකුද , අනියම් හා ආදේශක සේවකයින් 230 දෙනෙකු පමණ ද සිටින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්තා වෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වන තෙක්ම ඔවුන්ගේ වැටුප් හා නඩත්තු වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මාසිකව රුපියල් දහතුන් කෝටි පනස් ලක්ෂයක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මාසිකව ලබාදීමට අගමැතිවරයා තීරණය කර ඇත.