தமிழ்
English
Contact
Sunday 15th December 2019    
මාධ්‍ය සහ භික්ෂුන් ඡන්ද නීති නොතකා කටයුතු කළා - පැෆ්රල් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍ය සහ භික්ෂුන් ඡන්ද නීති නොතකා කටයුතු කළා – පැෆ්රල්



රාජ්‍ය මාධය මෙන්ම පුද්ගලික මාධය ආයතන ජනාධිපතිවරණ වාර්තාකරණයේදී පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇති බව සමීක්ෂණ වාර්තා අනාවරණය කරයි.

පැෆ්රල් ආයතනය 2019 සැප්තැම්බර් 27 දින සිට නොවැම්බර් 13 වන දා පස්වරු 4.30 දක්වා පූර්ව මැතිවරණ ප්‍රචාරක කාලය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුව කිසිදු මනුෂ්‍ය ඝාතනයක් වාර්තා වී නොමැත.

කෙසේවෙතත් ආගමික නායකයන් හා මාධ්‍ය ආයතන කිසිදු මැතිවරණ නීතියක් නොමැති ආකාරයට කටයුතු කළ බව සමීක්ෂන මගින් පෙන්වා දෙන ලදී.  එවැනි සමීක්ෂණ වාර්තාවක පක්ෂග්‍රාහිත්වය පිළිබඳ ප්‍රස්ථාර මාධ්‍ය හමුවේ ගෙන හැර දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිය අප්‍රසාදය පළකර සිටියේය.

ඊට අමතරව, බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළ නීති උල්ලංඝණය කිරීම් වාර්තා වී ඇත්තේ, 68ක් පමණි. ඉන් බරපතල ගනයේ පහර දීම් සිද්ධි ඇත්තේ 15ක් පමණි.

පැෆ්රල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් සිදුකරමින්, මීට පෙර පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම්වලට සාපේක්ෂව මෙවර පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව කීය.

පක්ෂග්‍රාහී වාර්තාකරණය – ප්‍රස්ථාර ඇසුරින්