Posted on 02.14.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
2009 වසරේ අවසන් වූ යුද්ධය තුළ මානව හිමිකම් අපරාධ සිදුව ඇති බවට නැගෙන චෝදනා පිළිබඳ කටයුතු කිරීමේ අරමුණින් පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරියක් ලෙස යෝගේෂ්වරී පත්ගුණරාජා පත්කර තිබේ.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ දිනයේ නිකුත් කර තිබේ. මෙරට සිදුවී ඇති මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාවක් පත් කෙරුණේ ඉකුත් 20 වනදායි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් නවාස්ගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි පත් කෙරිණි.
එළඹෙන මාර්තු මසදී ජිනිවා මානව හිමිකම් සමුළුව පැවැත්වීමට නියමිත අතර ආණ්ඩුව විසින් ඒහිදී මතුවන චෝදනා සම්බන්ධ පූර්ව අවබෝධයකින් මෙම කොමිසම පත් කර ඇති බව පැහැදිලිය.
මෙලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් නව කොමිසමක් අටවන්නේ මින් පෙර මහින්ද රාජපක්ෂ පාලනයේ සිට වරින්වර ජීනීවා මානව හිමිකම් සමුළුවට මුහුණ දීමේ අරමුණ ඇති පිහිටුවන ලද උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ වාර්තාව, දරුස්මාන් වාර්තාව සහ පරණගම කොමිසමේ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ කිසිවක් ආණ්ඩු පක්ෂ විසින් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර නැති වාතාවරණයක් තුළයි.