Posted on 01.24.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී කරන ලද විමර්ශනයකින් අනතුරුව නිකුත් කරන ලද නිර්දේශ දැක්වෙන පිටු 4ක වාර්තාව පමණක් කියවීමෙන් අතීත කොමිසන් වල නිර්දේශ පිළිබඳව දැනගැනීමේ හැකියාව තිබියදී තවත් පරීක්ෂණ කොමිසමක් කොමිසමක් පත් කිරීම “විහිළුවක්” බව සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) පවසා තිබේ.
සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ ජාත්‍යන්තර පරිමානයේ බරපතල අපරාධ ශ්‍රී ලංකාවේ සිදුවුනිදැයි විමසා බැලීමට තවත් කොමිසමක් පත් කිරීමේ සිතුවිල්ලම විකාරයක් බවයි.
අතීතයේ පත්කොට තිබූ කොමිෂන් සභා සහ කමිටු මගින්, සිදුවී ඇතැයි වාර්තා වී ඇති යම් යම් මානව හිමිකම් සම්බන්ධ හා වෙනත් එවැනි වරද පිළිබඳව නිර්දේශ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොමිෂන් සභාවක් පත් කළ බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් පසුගිය 21 දා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබුණි.
යුක්තිය හා වගවීම සම්බන්ධයෙන් ස්වකීය ජනතාවටත් මානව හිමිකම් කවුන්සිලයටත් දෙන ලද පොරොන්දු ශ්‍රී ලංකාවේ දිගටම පැවති ආණ්ඩු විසින් කඩ කොට ඇති බව ITJP නිවේදනයේ දැක්වේ.
මේ කරුණුවලට අමතරව සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය සඳහන් කර සිටින්නේ එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයේ වාර්තාවට විරුද්ධව යෝජනාවක් සභාගත කිරීමට ජිනීවා නුවරට ගිය ශ්‍රී ලංකා රජයේ නියෝජිත මණ්ඩලයේ සාමාජිකයෙක් වූ ඒ. එච්. එම්. ඩී නවාස් මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කිරීම ගැටලු සහගත බවයි.
එසේම මෙම කොමිසමේ සාමාජිකයෙක් වන හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු 2004-6 සමයේ පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බැවින් එම කාලය තුල පොලිසියට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට යෝග්‍ය පුද්ගලයෙකු නොවන බවද ITJP නිවේදනයේ දැක්වේ.