தமிழ்
English
Contact
Thursday 5th December 2019    
මානව හිමිකම් කඩවීම ගැන එක්සත් ජාතීන්ගේ වාර්තාව පිළිගන්නෙ නැහැ - ගෝඨාභය රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මානව හිමිකම් කඩවීම ගැන එක්සත් ජාතීන්ගේ වාර්තාව පිළිගන්නෙ නැහැ – ගෝඨාභය රාජපක්ෂ



යුධ සමයේදී මෙරට මානව හිමිකම් කඩවූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කර ඇති වාර්තාව පිළිනොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසයි. ඔහු පවසන්නේ එය නිත්‍යානුකූල වාර්තාවක් නොවන බවයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඉදිරියටත් සුහදව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ගෝඨාභය රාජපක්ෂ පවසයි.

එය වෙනත් ආණ්ඩුවක් සමඟ අත්සන් කරන ලද්දක් බවද තම පක්‍ෂයේ ප්‍රතිපත්ති එකිනෙකට වෙනස් යැයිද ඔහු කීය. කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එසේම LTTE සංවිධානයේ ඇතුළුව අතුරුදහන් වුවන් පිළිබඳ වාර්තා කිරීම සඳහා සමීක්ෂණයක් සිදුකළ නමුත් ඇතැම් විදෙස් සංවිධාන මෙරටට නොපැමිණ ඔවුන්ගේ වාර්තා ඉදිරිපත් කර ඇති බවද ගෝඨාභය රාජපක්ෂ පවසයි.

හමුදාවට බාර වීමෙන් පසු පුද්ගලයන් අතුරුදහන් වීමේ චෝදනාවද ඔහු මෙහිදී ප්‍රතික්ෂේප කරන ලදී. මාධ්‍යවේදිනියක් විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරේ යුධ හමුදාව මෙහයවූවේ තමන් නොව හමුදාපතිවරයා බවයි. එසේම හමුදාවට බාර වූ 13000ක පමණ පිරිස පුනුරුත්ථාපනය කර සමාජ ගතකර ඇති බවත් තවත් පිරිසක් විවිධ රැකියා සඳහා යොමු කර ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.