தமிழ்
English
Contact
Thursday 21st March 2019    
මානව හිමිකම් කවුන්සිලයට ජනාධිපති නියෝජිතයන් තිදෙනෙක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මානව හිමිකම් කවුන්සිලයට ජනාධිපති නියෝජිතයන් තිදෙනෙක්



ජිනීවා හිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය වෙත ඉල්ලීමක් සිදුකිරීම සදහා ජනාධිපතිවරයා තම නියෝජිතයින් තිදෙනෙකු යවා ඇති බව වාර්තා වේ.

අද(06) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ යන මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් තමා නියෝජනය කරමින් එම සැසිවාරයට සහභාගී වන බවයි.

එහිදී සිය ගැටළු විසදා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබාදෙන ලෙස එම නියෝජිතයින් හරහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත.