தமிழ்
English
Contact
Friday 16th April 2021    
මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව සම්බන්ධ යෝජනාවේ අවසන් කෙටුම්පත හෙට නිකුත් වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව සම්බන්ධ යෝජනාවේ අවසන් කෙටුම්පත හෙට නිකුත් වෙයි



ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුනසිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ අවසන් කෙටුම්පත පිළිබඳ යෝජනාව හෙට දිනයේ දී ලබා දීමට නියමිතය.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් නිළ නොලත් සාකච්ඡා රැසක් මේ වන විට පැවැත්වෙමින් පවතින අතර අද දින එම සාකච්ඡාවන්හි අවසාන සැසිය පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කළ අතර ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ වාර්තාව මත පදනම්ව මෙම අවසන් කෙටුම්පත පිළිබඳ යෝජනාව සැකසීමට ඇති බව වාර්තා වේ. නමුත් ශ්‍රී ලංකා රජය පසුවන්නේ එය පදනම් කරගත් කිසිදු යෝජනාවක් භාර නොගන්නා ස්ථාවරයක බව වාර්තා වේ.

මෙම සාකච්ඡා අතරවාරයේ දී බටහිර රටවල් අතරින් විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියානු කලාපයේ රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවසන් කෙටුම්පතේ වදන් දැඩිව පැවතිය යුතු බව යන ස්ථාවරයේ සිටින බව පැවසේ.

මේ අතර චීනය, පාකිස්ථානය රුසියාව සහ කියුබාව යන රටවල් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහය දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කර ඇත.