தமிழ்
English
Contact
Friday 24th May 2019    
මානව හිමිකම් කවුන්සිලයේ අහිතකර යෝජනාවලින් පරිස්සම් විය යුතුයි - මහින්ද සමරසිංහ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මානව හිමිකම් කවුන්සිලයේ අහිතකර යෝජනාවලින් පරිස්සම් විය යුතුයි – මහින්ද සමරසිංහ



අතීතයේ අනුගමනය කරන ලද අහිතකර යෝජනාවලට සම්බන්ධයක් තිබෙන බැවින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලිය ගැන අවධානය යොමුකළ යුතු බව මහින්ද සමරසිංහ පවසා තිබේ.

මෙවර යෝජනාවල අහිතකර සාධක ඇතුළත් නොවුනත් එය වඩා අහිතකර අතීත යෝජනා සමඟ සම්බන්ධයක් ඇති බැවින් මෙම අවධානය යොමුකළ යුතු බව ඔහුගේ අදහස වී ඇත.

එසේම යෝජනාවලිය සඳහා මෙවර අනුග්‍රහය දක්වන රටවල්වල ස්භාවය ගෙන බැලීමේදී මෙම රටවල් එරට රජයන්ට බලපෑම් කළහැකි මට්ටමේ දමිළ පුරවැසියන් වැඩිපුර වාසය කරන රටවල් බැවින් ඒ කරුණ ගැනද අවධානය යොමුකළ යුතු බව ඔහුගේ අදහස වී තිබේ.

එසේම මහින්ද සමරසිංහ මෙවර ජිනීවා කණ්ඩායමේ මූලිකත්වය දරණ බව කළින් ප්‍රකාශ වූවත් ඔහු වෙනුවට මෙවර ඊට සහභාගිවන කණ්ඩායමේ මූලිකත්වය දරන්නේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපනයි.

මහින්ද සමරසිංහ පවසා ඇත්තේ ශ්‍රී ලංකාව යෝජනාවලිය සම්බන්ධයෙන් සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් නොවුනත් අහිතකර කරුණු කෙරෙහි විරෝධය දක්වනු ඇති බවයි. එසේම අතීතයේදී මානව හිමිකම් කවුන්සිලය හමුවේ පොරොන්දු වූ කරුණු ඉටුකිරීම අතපසු කරන ලද බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.