தமிழ்
English
Contact
Friday 16th April 2021    
මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයට පෙර ජනාධිපති, අගමැති මුස්ලිම් රටවල නායකයන් අමතයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයට පෙර ජනාධිපති, අගමැති මුස්ලිම් රටවල නායකයන් අමතයි



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්බන්ධයෙන් ඡන්ද විමසීම ලංවෙමින් තිබෙන මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ලෝක මුස්ලිම් නායකයින්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් සිටින බව වාර්තා වේ.

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් ආචාර්ය යූසෙෆ් ඒ. අල්-ඔතයිමීන් ඊයේ (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමතුමක් ලබාදී ඇති අතර ඔහු සමඟ එම සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතා පිළිබඳව සාකච්ඡා කළ බව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

තම සංවිධානය ඉස්ලාමීය චාරිත්‍රවලට අනුකූලව මියගිය අය භූමදාන කිරීමට මුස්ලිම්වරුන්ට ඇති අයිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් තීරණය අගය කරන බව එම නිවේදනයේ දක්වා තිබේ.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ තමා ඊයේ බහරේනයේ නියෝජ්‍ය සල්මාන් බින් හමාඩ් අල් කලීෆාට දුරකථන ඇමතුමක් ලබා දුන් බවයි.

මෙහිදී ද්විපාර්ශවික සබඳතා සහ සහයෝගීතාවයේ අනෙකුත් අංශ සමාලෝචනය කළ බව අග්‍රාමාත්‍යවරයා ට්වීටර් පණිවිඩයක් නිකුත්කරමින් පවසා තිබේ.

OIC යනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොටසක් වන මුස්ලිම් රටවල් ගණනාවකින් සමන්විත ලොව විශාලතම මුස්ලිම් සංවිධානයයි.

බහරේනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටකි.