தமிழ்
English
Contact
Friday 16th November 2018    
මානව හිමිකම් ගැටලු සම්බන්ධව එක්සත් ජාතීන්ට යෝජනා ඉදිරිපත් කරන්න ජනාධිපති සැරසේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මානව හිමිකම් ගැටලු සම්බන්ධව එක්සත් ජාතීන්ට යෝජනා ඉදිරිපත් කරන්න ජනාධිපති සැරසේ!



ලංකාවේ මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමෙන් සහ විශේෂයෙන් එක්සත් ජාතින්ගේ පාර්ශ්වයෙන් නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් තම අදහස් සහිත යෝජනා එ.ජා. මහා මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

මේ ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට ලංකාව සම්බන්ධයෙන් එල්ල වී ඇති චොදනා පිළිබද විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත් වන බව ජනාධිපති මත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ අද(14) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති සුහද හමුවකදීය.

සැප්තැම්බර් 25 වනදා මෙම යොජනාවලි ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු විසින් සඳහන් කර තිබිණි. මෙම යෝජනාවට සමගාමීව මානව හිමිකම් පිළීබඳ නව මහ කොමසාරිස්වරිය ලෙස මෑතකදී පත් කෙරුණු මිෂල් බැෂලේ පළමු වරට හමුවී ඇයට ද ලිඛිත යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ආරම්භ කරමින් කොමසාරිස්වරිය කළ කතාවේදී ලංකාවේ මානව හිමිකම් ශක්තිමත් කිරීමේදී පොරොන්දු ඉටු කිරීමේ මන්දගාමිත්වය මෙන්ම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා කරන මැදිහත්වීම ගැන කනස්සල්ල පළ කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ හිතවාදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විවිධ චෝදනා ඉදිරිපත් කරන නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්විමට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ පැවැති දුරස්තභාවය මඟහැර මිත්‍රශිලිභාවයක් ඇති කර ගැනීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.