தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
මාන්කුලම් රෝහල් බිමේ ඇටසැකිලි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාන්කුලම් රෝහල් බිමේ ඇටසැකිලි!



මුලතිව්, මාන්කුලම් රෝහල් භූමියෙන් මිනිස් අස්ථි කොටස් කීපයක් හමුවීමත් සමඟ එම ස්ථානයේ කැනීම් සිදු කරන ලෙස මුලතිව් මහේස්ත‍්‍රාත්වරයා විසින් අද (12) පොලීසියට නියෝග කර තිබේ.

මාන්කුලම්හි රජයේ රෝහලේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කැනීම් සිදුකළ අවස්ථාවේ එම ස්ථානයන් හමුවූ ලෝහ කිහිපයක් නිසා බෝම්බ ඇති බවට සැක පහළ වී ඇත. එහිදී බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමක් කැඳවා සිදු කළ පරික්ෂාවේදී මිනිස් අස්ථි කොටස් කීපයක් හමුවිය. අපරාධ ස්ථානයක් ලෙස සැක කිරීමෙන් ඒ පිළිබඳව මාන්කුලම් පොලීසියට දැනුම් දෙන ලද අතර පොලීසිය පැමිණ අස්ථි කොටස් නිරීක්ෂණයකර මුලතිව් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු මිනිස් අස්ථි කොටස් හා භූමිය පරීක්ෂා කිරීම සඳහා මහේස්ත‍්‍රාත්වරයා එම ස්ථානයට පැමිණියේය. මහේස්ත‍්‍රාත්වරයාගේ පරික්ෂාවෙන් පසුව ලැබුණු උපදෙස් අනුව, පොලීසිය එම ස්ථානය ආරක්ෂිත ස්ථානයක් බවට පත්කර එහි කැනීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුලික පියවර ගෙන තිබේ.

(සේයා – ‍JDවෛබ් අඩවියෙන්)