தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
මානික්කපුරම් තරුණියගේ මලසිරුර ළිඳක තිබී හමුවේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මානික්කපුරම් තරුණියගේ මලසිරුර ළිඳක තිබී හමුවේ!



යුද සමයෙන් පසුව වරින්වර වාර්තාවන තරුණ තරුණියන්ගේ අකල් මරණ අතරට තවත් 21 හැවිරිදි තරුණියකගේ මරණය ඒක්ව තිබේ.

ඊයේ(03) උදෑසන මුලතිව්, පුදුකුඩිරිප්පු, මානික්කපුරම් ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී මළ සිරුරක් සොයාගෙන ඇත. සියදිවි නසාගැනීමක් ලෙස පොලිසිය මෙය වාර්තා කළද තවමත් ඒය තහවුරුකරගැනීමට හැකිව නැත. මෙසේ හමුව ඇත්තේ පුදුකුඩිරිප්පු ,මාණික්කපුරම් පදිංචි රාමලිංගම් නිරෝජිනි නැමතිතරුණියකගේ සිරුරයි.

ඊයේ උදෑසන ළිඳෙන් දුර්ගන්ධයක් මතුවීම හේතුවෙන් අසළ නිවසක පුද්ගලයකු සොයාබැලීමේ දී සිරුර දැක ඇති අතර පොලිසිය පැවසූවේ මියගිය තරුණියගේ සිරුර දින තුනක් පමණ කාලයක් ළිඳ තුළ තිබී ඇති බවයි.
දින තුනකට පෙර තරුණිය නිවසින් අතුරුදහන්ව සිටි බව වාර්තා වුවත්, නිවැසියන් සොයාබලා ඇති නමුත් පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදුකර නැත. මියගිය තරුණිය මීට පෙරද සියදිවි නසා ගැනීමට උත්සාහ කොට ඇති බවට තොරතුරු පවතින බව ගම්වාසීහු පවසති.

යුද්ධය අවසානයේ සිට රටේ සාමාන්‍ය සියදිවි නසාගැනීම් තත්වයට වෙනස් ආකාරයේ සියදිවි නසාගැනීම් තත්වයක් ලෙස තරුණ පරම්පරාවේ සියදිවි නසාගැනීම් උතුර ප්‍රදේශයේ දක්නට ලැබිණි. යුද සමයේ පවුලේ සාමාජිකයන් අහිමිවීම, ආර්ථික දුෂ්කරතා සහ වෙනත් විඳදරාගත නොහැකි හුදකලාභාවයන් හේතුවෙන් මෙසේ සියදිවි නසාගැනීම් සිදුවන බව නිරීක්ෂණය වී තිබේ.

සමස්තයක් ලෙස රටපුරා සියදිවි නසාගැනීම් නොවැළැක්විය හැකි සමාජ ගැටලුවක්ව තිබේ. ඒ් අතර තරුණ තරුනියන්ගේ සියදිවි නසාගැනීම් සම්බන්ධ තත්වයට හේතුව ලෙස බොහෝ විට වාර්තා වන්නේ ආර්ථික ගැටලු, ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම් ඇතුළුව සමාජ පසුගාමිත්වය නිසා සිදුවන අවහිරතා ආදියයි.