தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
මාලක දේවප්‍රිය‍ගේ ‘බහුචිතවාදියා‘ යාපනය උළෙලෙන් ඉවතට ගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාලක දේවප්‍රිය‍ගේ ‘බහුචිතවාදියා‘ යාපනය උළෙලෙන් ඉවතට ගනී!



යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ ජූඩ් රත්නම් අධ්‍යක්ෂණය කළ Demons in Paradise චිත්‍රපටය  ප්‍රදර්ශනය වන බවට නිවේදනය කර තිබුනත් අවසන් මොහොතේ එම චිත්‍රපටය ඉවත් කරගැනීමට සිය විරෝධය පළකිරීම සහ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් මැදිහත් වීමේ අරමුණින් මාලක දේවප්‍රිය සිය සිනමා නිර්මාණය වන “බහුචිතවාදියා“, එම උළෙලින් ඉවත් කරගත් බව පවසයි.

තමන්ගේ නිර්මාණ සම්බන්ධයෙන් මෙන්ම වෙනත් නිර්මාණකරුවන්ගේ නිර්මාණ සම්බන්ධයෙන්ද වාරණයට සපුරා එරෙහිවන බව පවසන මාලක දේවප්‍රිය, ජූඩ් රත්නම්ගේ සිනමා කෘතිය සම්බන්ධ නොඑකගතා තිබියදී මෙම විරෝධය දැක්වීම සිදුවන බවද පවසයි. ‘යාපනය අන්තර්ජාතික සිනමා උළෙල‘ අඛන්ඩව පවත්වාගෙන යාමේදී දක්වන ලද ධෛර්යසම්පන්නභාවය සිය ගෞරවයට ලක්වන නමුත් මෙම තීරණය ඍජුව අදාළ වන්නේ ජූඩ් රත්නම්ගේ සිනමාපටය ඉවත්කළ සංවාධියක මණ්ඩලයට විරෝධයක් වශයෙන් බව ඔහු අවධාරනය කරයි.

මාලක දේවප්‍රියගේ ප්‍රථම වෘතාත්ත සිනමා කෘතිය “බහුචිතවාදියා“ යාපනය අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරමින් හෙට(6) සවස 6.45ට යාපනය, මැජසිටික් සිවෙෆ්ලෙක්ස් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබිණි.

ඔහු සිය තීරණය සම්බන්ධව Facebook පිටුවේ මෙසේ සටහන් කර තිබිණි.

…………………………………………………

“යාපනය චිත්‍රපට උළෙලින් බහුචිතවාදියාගේ නික්මයාම”
මාගේ චිත්‍රපටය ඉවත්කර ගැනීම පිළිබද ප්‍රකාශය

ආගම්වාදී, ජාතිකවාදී හා වර්ගවාදී සමූහයක් විසින් පසුගිය සති කිහිපය තුළ මවිසින් නිර්මාණය කරනලද රේඩියෝ නාට්‍ය කිහිපයක නම් පමණක් අල්ලා ගනිමින් කලාව සම්බන්ධව දැඩි වාරණ කතිකාවක් ගොඩනංවාලීය. මෙම මර්දනකාරී ප්‍රතිවිරෝධයන් තවමත් නොනැවතී පවතින අතර එවන් පාර්ශව හතරක් ගොනුකළ පැමිණිලි හතරක් ඔස්සේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මේ වනවිට විමර්ශනය කරමින් පවතී. නිර්මාණකරණය සංවිධානාත්මක අපරාධයක් ලෙස නම් කරමින් මා වෙත මර්ධන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන මොහොතක කලා වාරණය සම්බන්ධව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළ නොහැකිය.

නිර්මාණකරුවකු වශයෙන් වක්‍ර හෝ සෘජු යන සකලවිධ කලා වාරණයන්ට හා මර්දනයන්ට මම කොන්දේසි විරහිතව විරුද්ධ වෙමි. නිර්මාණ කරුවෙකුට ස්වාධීනව ඕනෑම දේශපාලන ස්ථාවරයක සිට නිර්මාණ කිරීමේ අයිතිය මා විසින් පිළිගන්නා අතර යමෙකුට එය විවේචනය, විචාරය, විශ්ලේෂණය හෝ අර්ථගැන්වීම් කළ හැක. නිර්මාණකරුවන්ගේ ප්‍රකාශනයන් ඒක පාර්ශවිය හෝ දිවිපාර්ශවිය හෝ බහුපාර්ශවිය විය හැක. එය නිර්මාණකරුවාගේ ස්වාධීනතාව හා භාවිතාව මත සිදුවේ. ප්‍රසන්න, හඳගම, විමුක්ති , සුදත් මහදිවුල්වැව, සංජීව වැනි සිනමාකරුවන්ට පටු මතවාදීන් ගෙන ආ චෝදනාව වුයේද හමුදාව, ජාතිය, ආගම හා රාජ්‍ය පිළිබදව ඒකපර්ශවිය අදහස් පිළිඹිබු කරන ප්‍රවාදයයි. නමුදු ඔවුන්ගේ කෘති වාරණය කළ නොහැකිය. මහජනයාට ප්‍රදර්ශනය කිරීමෙන් ඉක්බිතිව විචාරයන් ගොඩනැංවිය හැක. ජූඩ් රත්නම්ගේ චිත්‍රපටය සම්බන්ධයෙන්ද තත්වය එසේමය. එය ප්‍රදර්ශනය කර විචාරයට ලක්කළ හැක. ජූඩ් රත්නම්ගේ චිත්‍රපටයේ දෘෂ්ටිවාදය සම්බන්ධව මට යම් එකගත්වයක් නැතත් එය ප්‍රදර්ශන අවකාශය දිනා දීම වෙනුවෙන් පෙනී සිටිමි.

ඕනෑම ව්‍යාපෘතියකට දේශපාලන න්‍යායපත්‍ර තිබිය හැක. යාපනය චිත්‍රපට උළෙලට ජූඩ්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය නොකිරීමට අවශ්‍යව තිබුණේ නම් කළ යුතුව තිබුණේ එය උළෙලට තෝරා නොගැනීමයි. චිත්‍රපටය නිලවශයෙන් තෝරාගෙන ප්‍රසිද්ධ මාධ්‍යයන් හරහා ප්‍රචාරය කිරීමෙන් ඉක්බිතිව ප්‍රදර්ශනය අත්හිටුවීම වාරණයකි. එම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් දක්වන නිල ප්‍රතිචාරයන්ද තාර්කික නොමැත. මේ තත්වයන් සැලකිල්ලට ගනිමින් මගේ බහුචිතවාදියා චිත්‍රපටය උළෙලින් ප්‍රදර්ශනය ඉල්ලා අස්කර ගනිමි. එහි මුලික අදහස වන්නේ වාරණය සම්බන්ධ දෙබිඩි පිළිවෙතක මට කටයුතුකළ නොහැකි වීමයි. අරාජිකවාදී රාජ්‍ය හා සමාජ යාන්ත්‍රණයක් තුළ සිනමා උළෙලක් අඛණ්ඩව පවත්වා ගැනීම අසීරු කටයුත්තක් බව සත්‍යයකි. අඛණ්ඩව සිනමා උළෙලක් පැවැත්වීම සම්බන්ධව මගේ ගෞරවය හිමිවේ.

මගේ විරෝධය සෘජුව ඉලක්ක වන්නේ මහජනතාව හෝ දෙමළ දේශපාලනය මත ඉදිරිපත්කරන නියෝජනයන්ට හෝ නොව චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කළ සංවිධායක මණ්ඩලයටයි.

මාලක දේවප්‍රිය