தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
මාලදිවයින් හිටපු ජනාධිපති යමීන්ගේ අපරාධ චෝදනා විමර්ශනයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාලදිවයින් හිටපු ජනාධිපති යමීන්ගේ අපරාධ චෝදනා විමර්ශනයට



2018 අතුරුදන් කළ මාලදිවයිනේ මාධ්‍යවේදී අහ්මද් රිල්වාන් ඝාතනය කර ඇතැයි ‘ඝාතන සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම’ ප්‍රකාශ කරයි.
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලන සමයේ සිදු වූ ඝාතන සහ අතුරුදන් වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මාලදිවයිනේ වත්මන් ජනාධිපතිවරයා එම කොමිසම පත් කරන ලදි. මාධ්‍යවේදීන් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බවට හා විරුද්ධ මතධාරින් ඝාතනය කළ බවට මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට චෝදනා එල්ල විය. ඔහුගේ චීන ගැති පාලනය විවේචනය කළ නිසා මාධ්‍යවේදී රිල්වාන් පැහැර ගෙන ගියේ යැයි ද කියැවුණි. පසුගිය මහමැිවරණයේදී එක්සත් ජනපදය හා ඉන්දියාව මැදිහත්වීමෙන් චීන හිතවාදී යමීන් පාලනය පෙරලා දැමුණි.

රිල්වාන් පැහැර ගනු ලැබුවේ 2014 වසරේ අගෝස්තු මාසයේදී යමීන් බලයට පත්ව වසරකට පසුවය. මාලදිවයිනේ ස්වාධීන මාධ්‍යවේදියකු වූ ඔහු ආණ්ඩුවේ වංචා සහ දූෂණ මෙන්ම ඉස්ලාමීය සටන්කාමීන් සම්බන්ධයෙන් ද දිගින් දිගටම වාර්තා කළේය. ආණ්ඩුව විවේචනය කිරීමත් ඉස්ලාමීය අන්තවාදය ගැන ලිවීමත් නිසා රිල්වාන් ඉලක්කයක් බවට පත්වූ බව මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් සංවිධාන අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේය.

රිල්වාන්ගේ ඝාතනයට සෘජුව සම්බන්ධ පිරිස්වලින් කොමිසමට සාක්ෂි ලැබුණු බව ඝාතන සහ බලහත්කාරයෙන් කරන ලද පැහැර ගැනීම් පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති හුස්නු සවුද් පැවැසීය. 

2018 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී අබ්දුල්ලා යමීන් පරාජයට පත්වූ අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයා සහ එක්සත් ජනපදයේ හිතවතකු ලෙස සැළකෙන ඊබ්‍රහිම් මොහොමඞ් සෝලි ජයගත්තේය. ඔහු විසින් යමීන් පාලනය සම්බන්ධ අපරාධ චෝදනා විමර්ශනයට ජනාධිපති කොමිසම පත් කර මෙම විමර්ශන කටයුතු සිදු කෙරුණු.

රිල්වාන්ගේ අතුරුදන් වීමෙන් අනතුරුව 2017 වසරේදී මාධ්‍යවේදී යමීන් රෂීඞ් ඝාතනයට ලක්විය. මාධ්‍යවේදීන්ට එරෙහිව කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් එම රජයට දිගින් දිගටම චෝදනා එල්ල විය. යමීන් රෂීඞ් ද ඉස්ලාමීය සටන්කාමීන් සහ රාජ්‍ය දූෂණ සම්බන්ධයෙන් දිගින් දිගටම සිය බ්ලෝග් ලිපි ලිවීය.