தமிழ்
English
Contact
Friday 14th August 2020    
මාව අත්අඩංගුවට ගත්තේ දේශපාලන පළිගැනීමට - රියර් අද්මිරාල් ඩී කේ පී දසනායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාව අත්අඩංගුවට ගත්තේ දේශපාලන පළිගැනීමට – රියර් අද්මිරාල් ඩී කේ පී දසනායක



තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගත්තේ දේශපාලන පළිගැනිමක ප්‍රතිඵලයක් වශයෙන් බව රියර් අද්මිරාල් ඩී කේ පී දසනායක දේශපාලන පලි ගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශකර තිබේ.

එම චෝදනාවන්ට වරදකරු වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ නම් සදහන් කර කට උත්තරයක් ලබා ගැනීමට රහස් පොලීසියේ පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා තමා ට සහ බිරිඳට බලපෑම් කළ බව ද දසනායක ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

ඩී කේ පී දසනායක මෙම ජනාධිපති කොමිසම හමුවේ මෙලෙස පෙනී සිටි දෙවැනි අවස්ථාව මෙය වෙයි.

මෙම ජනාධිපති කොමිසම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කොට තිබේ. ඩී කේ පී දසනායක සහ වසන්ත කන්නාගොඩ මෙම කොමිසමට කරන ලද පැමිණිල්ලෙන් පසු තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමට අදාළ නඩු විභාගය ඉදිරියට ගෙනයාම වළක්වමින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කිරීමද සිදුකරන ලදී. ඒ අතර එම නිර්දේශය පිළිබඳව නීතිපතිවරයා සඳහන් කර තිබුණේ අධිකරණයේ විභාග වන නඩුවක් අත්හිටුවන ලෙස තමන්ට නියෝග කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට නීතිමය බලයක් නොමැති බවයි.