Posted on 01.18.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තමන්ව සිර දඬුවමින් නිදහස් කර වීම සඳහා මල්වතු මහනාහිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ඉල්ලීම් කර තිබූ බව පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියෝ සඳහන් කරති.
2010 ජනාධිපතිවරණයේදී ටී – 56 ගිනි අවි දෙකක් සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාව යටතේ මාළිගාවත්ත බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවන ලදී. දීර්ඝ නඩුවිභාගයකින් පසුව, ඒ හිමියන්ට ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම කෙරුණේ පසුගිය ජුනි 01 වනදාය.
වංචාකාරයෙක්, මැරයෙක්, හොරක් යයි තමනට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිසිදු විටක බලහත්කාරයෙන් කිසිවෙකු රවටා මුදල් අරගෙන නැති බව එහිමියන් පවසයි.
තමන් හසු කර තිබුණේ කුමන්ත්රනයට බවත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට අවි ආයුධ ගෙන ඇවිත් කුමන්ත්‍රණය කලේ යයි එල්ල වූ චෝදනා අසත්‍ය බවත් එහිමියන් කියා සිටී.
ජනාධිපති සමාව හේතුවෙන් ජීවිතාන්ත සිර දඬුවමෙන් නිදහස ලබා සිටින සුමන හිමි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල චැනල සංවාදයකදී මෙම අදහස් පළකර ඇත.