தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
මාසයට දින හත අටක් පාර්ලිමේන්තුවේ ගනපූර්ණය නෑ - ලක්ෂ 45 බැගින් නාස්තියක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාසයට දින හත අටක් පාර්ලිමේන්තුවේ ගනපූර්ණය නෑ – ලක්ෂ 45 බැගින් නාස්තියක්!



පාර්ලිමේන්තුව මසකට නියමිත දින ගණනක් රැස්වන නමුත් ගණ පූරණය නොමැතිවීම නිසා එයින් දින කිහිපයක්ම පාර්ලිමේන්තු රැස්වීම් කල්  දැමීමට සිදුව ඇති බව ‘මාර්තු 12 ව්‍යාපාරයේ‘ කැඳවුම්කාර මණ්ඩල සාමාජික රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 දෙනෙකුගෙන් පාර්ලිමේන්තුවේ ගනපූර්ණය සහිත රැස්වීමක් පැවැත්වීමට නම් අවම වශයෙන් මන්ත්‍රිවරු විසි දෙනෙක් පැමිණිය යුතු නමුත් එසේ නොපැමිණෙන විට ඔවුන් ජනතාවගේ නියෝජිතයන් ලෙස සලකන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය. එසේම පාර්ලිමේන්තුව රැස්වන එක් දිනකට රු. ලක්ෂ 45 කට ආසන්න  මුදලක් වැය වන බැවින් මන්ත්‍රිවරු පැමිණියත්  නැතත් ඒ සදහා සූදානම් කිරීමේ අවශ්‍යතා සදහා මුදල් වැය කරන බැවින් මන්ත්‍රීවරුන් නොපැමිණ රැස්වීම් අවලංගු කිරීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බව ද රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.මිලියන විස්සක් වන සමස්ත ජනගහනය නියෝජනය කරමින් වර්තමානය පමණක් නොව අනාගතය සඳහා ද ප්‍රතිපත්ති සකස් නොකිරීම හා මුල්‍ය පාලනය වෙනුවෙන් ක්‍රියා කළ යුතු මහජන නියෝජිතයින් එම වගකීම් හරි හැටි ඉටු නොකිරීම මේ වනවිට බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි  ඔහු වැඩිදුරටත් පවසයි. පාර්ලිමේන්තුවේ පමණක් නොව පළාත් සභා, පළාත් පාලන ආයතන ඇතුළු සියලු ආයතනවල ජනතා නියෝජිතයින් තම වගකීම් අවබෝධ කරගෙන ජනතා අභිලාෂ ඉටුවන අයුරින් කටයුතු නොකරන බව පෙනී යන්නේ යැයි මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්  මාර්තු 12 ව්‍යාපාරයේ  නියෝජිතවරයා ප්‍රකාශ කළේය.