Posted on 09.21.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අධ්‍යාපනය පෞද්ගලිකකරණයට හා මිලිටරිකරණයට එරෙහිව විරෝධතා දැක්වූවන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඇප ඉල්ලා හෝමාගම මහාධිකරණයේ පැවරූ නඩුව ඔක්තෝබර් 5 වැනිදා දක්වා ගල් දමා ඇත.
මෙම සිරගත කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කරුණු දැක්වීමට නියමිතව තිබුණද අද දින නීතිපතිවරයා අධිකරණය වෙත නොපැමිණීම නිසා එම කරුණු දැක්වීමට අවස්ථාව දෙමින් නඩු විභාගය ඔක්තෝබර් 5 වැනිාට එනම් දින 14කින් කල් දමා ඇත.
පාර්ලිමේන්තුව අසළ අගෝස්තු 3 වැනිදා පැවති විරෝධතාවකදී මිනිපෙට්ටියක කාඩ්බෝඩ් අනුරුවක් පිලිස්සීම නිසා රාජ්‍ය දේපළවලට හානි කිරීම යටතේ චෝදනා කරමින් ආණ්ඩුවේ පොලිසිය විරෝධතාකරුවන් 5 දෙනකු සිරගත කරන ලදී. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ චෝදනා විභාග කිරීමේදී සිරත කළ විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමේ කරුණු රාශියක් අනාවරණය විය. මහෙස්ත්‍රාත්වරයා දෙවරක් නොපැමිණීම නිසා මෙම චෝදනා විභාගය කල්දැමීමෙන්ද විරෝධතාකරුවන් අසාධාරණයට ලක් වී සිටිති.
විශේෂයෙන්ම ඔවුන්ට කෝවිඩ් ආසාදනය වීම සිරගත කාලය තුළ සිදුවීම නිසා බන්ධනාගාරගත කිරීමෙන් ඔවුන් අනාරක්ෂිත තත්වයකට ඇද දමා ඇත්තේ පළිගැනීමට බව චෝදනා එල්ල විය.
අගෝස්තු 03 වනදා බත්තරමුල්ල, පාර්ලිමේන්තු මංසන්ධිය අසළ පැවති සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවට සහභාගි වී නිවස බලා යමින් සිටි සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි එදිනම අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන්පසුව, පෙ.ස.ප. පාලක ලේකම් චමීර කොස්වත්ත එදින රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රි ජයවඑර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප අගෝස්තු 05 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරු සංවිධානය කළ විරෝධතාවකට සහභාගි වීමට යමින් සිටියදී නාඳුනන කණ්ඩායමක් විසින් පැහැර ගැනීමට ලක් විය. එදිනම රාත්‍රියේ රූපවාහිනී සංවාදයකට සහභාගි වීමෙන් පසු නිවසා කරා යමින් සිටියදී 06 වනදා පාන්දර අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබීය. අගෝස්තු 13 වැනිදා රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂන ශිෂ්‍යයා අත්අඩංගුවට ගනු ලැබිණි.