தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
අපිට මාස ගණනාවකට ඕන තරම් ඖෂධ , ආහාර පාන, ඉන්ධන තියෙනවා - මහින්ද රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපිට මාස ගණනාවකට ඕන තරම් ඖෂධ , ආහාර පාන, ඉන්ධන තියෙනවා – මහින්ද රාජපක්ෂ



ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන වකවානුවේවත් අපිට එකවර රටටම බලාපාන ආකාරයට ඇදිරි නීතිය පැනවීමට අවශ්‍ය නොවුනත් මේ වසංගතය හමුවේ ඇඳිරි නීතිය පැනවීමට සිදුව ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
 
අගමැතිවරයා පවසන්නේ කිහිපදෙනෙකුගේ වගකීමෙන් තොර ක්‍රියා කලාපය නිසා අද  මේ පියවර ගැනීමට සිදුව ඇති බවයි.

එසේම ඖෂධ, ආහාර පාන ඉන්ධන මාස ගණනාවකට අවශ්‍ය ප්‍රමාණ සම්පාදනය කරගෙන ඇති බැවින්  අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවද මහින්ද රාජපක්ෂ පවසයි.

මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ,
 “මා මීට කලින් ප්‍රකාශ කළ පරිදි අප රජය ජනතාවට කිසිවක් හංගන්නේ නෑ. රෝගීන් ගැන රෝගයේ ස්වරූපය ගැන තොරතුරු ඉතා ඉක්මනින් ජනතාව වෙත ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා. ලෝකයම ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ දී තිබෙන මේ මොහොතේ ඉතාම කල්පනාකාරීව දුරදිග බලා කටයුතු කරන්න කියා මා ඉල්ලා සිටිනවා.”

ගැටලුව ඇත්තේ රටක් ලෙස ඖෂධ, ආහාර පාන, ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට සම්පාදනය කරගෙන තිබුනත් ඇඳිරි නීතිය වැනි තත්ත්වයකදී විශාල පිරිසකට ආදායම් මාර්ග අහිමිවීම හමුවේ ඒවා මිලදී ගැනීමට හැකියාවක් නැති වීමයි. මෙවැනි මොහොතක ජනතාව අපේක්ෂා කරන්නේ ආණ්ඩුව තමන් වෙනුවෙන් යම් සහනයක් සලසනු ඇති බවයි. නමුත් එවැනි සහනයක් ගැන අගමැතිවරයා සඳහන් කර නැත.