தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
මාස 10ට පසු ශානි අබේසේකරට ඇප ලබාදෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාස 10ට පසු ශානි අබේසේකරට ඇප ලබාදෙයි



මාස 10ක් තිස්සේ රිමාන්ඩ් බාරයේ සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අභියාචනාධිකරණය විසින් අද (16) ඇප මත මුදාහැර තිබේ.

මේ අතර ඔහු සමඟ අත් අඩංගුවට පත් වූ S I සුගත් මෙන්ඩිස් යන අයවද ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති අතර රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මත ඔවුන් මුදා හැර ඇත.

2013 දී බම්බලපිටියේදී ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවන් සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට චෝදනා කරමින් ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන අය කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.