தமிழ்
English
Contact
Thursday 29th September 2022    
මාස 19ක් සිරගතව සිටි අහ්නාෆ් කවියා රනිල් පාලනයෙන් ත්‍රස්තවාදී ලැයිස්තුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාස 19ක් සිරගතව සිටි අහ්නාෆ් කවියා රනිල් පාලනයෙන් ත්‍රස්තවාදී ලැයිස්තුවට!



ගෝඨාභය රාජපක්ෂ පාලනය සමයේ 2020 මැයි 16 වන දින ශ්‍රී ලංකා රජය විසින් ව්‍යවස්ථා විරෝධීව අත්අඩංගුවට ගත් කවියෙකු සහ ගුරුවරයෙකු වන අහ්නාෆ් ජසීම් රනිල් වික්‍රමසිංහ පාලනය විසින් ත්‍රස්තවාදී ලැයිස්තුවකට ඇතුළත් කර තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් 16 ඇප මත නිදහස් කරනු ලැබූ 27 හැවිරිදි මෙම ලේඛකයා වත්මන් රනිල්-රාජපක්ෂ පාලනයට ත්‍රස්වාදියකු ලෙස හැඳින්වීමට කිසිදු සාක්ෂියක් මේ දක්වා ඔප්පුකර නැත.

මෙවැනි ත්‍රස්තවාදී නාමලේඛනයක් ඉදිරිපත් කිරීම සිදුවන්නේ ‘එක්සත් ජාතීන්ගේ රෙගුලාසි අංක 1-2012’ යටතේය. යම් අයකු හෝ සංවිධානයක් නිල වශයෙන් ත්‍රස්තවාදයට සම්බන්ධ යයි බලධාරින්ට පිළිගත හැකි සාධාරණ සාක්ෂි ඇත්නම් පමණක් නම් කරන ලද පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ලෙස එක්සත් ජාතීන්ගේ රෙගුලාසි යටතේ හඳුන්වා ඇත. ත්‍රස්තවාදී ක්‍රියා සඳහා සහභාගී වීම හෝ පහසුකම් සැලසීම සඳහා කටයුතු කිරීම හෝ එසේ කිරීමේ උත්සාහයක් තිබීම යන කරුණු එහිදී සළකා බැලිය යුතු වේ.
තවද පුද්ගලයෙකු හෝ සංවිධානයක් එසේ නම් කිරීමෙන් පසුව, අදාළ පුද්ගලයෙකුට, කණ්ඩායමකට හෝ ආයතනයකට අයත් හෝ සතු හෝ සතු සියලුම අරමුදල්, අනෙකුත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් තහනමට ලක් කිරීමේ නියෝගයක් කළ යුතුවේ.

පුත්තලම මහාධිකරණය හමුවේ විභාගවන නඩුවේ දී අහ්නාෆ් කවියා ඇප මත නිදහස් කෙරුණේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔහුට ත්‍රස්තවාදයට සහාය දීම සම්බන්ධ චෝදනා නගමින් මාස 19කට ආසන්න කාලයක් රඳවා සිටි පසුවය.

අහ්නෆ් ජසීම් කවියා ලියා පළ කළ ‘නවරසම්’ කවි පොත මගින් අන්තවාදය පතුරුවන බව චෝදනා නගමින් 2020 මැයි 16 වැනිදා විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. තමිල් බසින් ලියා පළ කළ ඔහුගේ කෘතිය ත්‍රස්තවාදයට සම්බන්ධ අදහස් රැගත් ඒවා බව සනාථ කිරීම පිණිස ත්‍රස්ත විමර්ශන නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේද කවි පරිවර්තනය කිරීම සම්බන්ධ කිසිදු සාහිත්‍යයික අවබෝධයක් නොමැති අයකු කළ පරිවර්තනයක් බව සනාථ විය. වසරක කාලයක් රැඳවුම් භාරයේ තබා සිට පළමු වතාවට අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ 2021 මැයි 12 වැනිදා ය.

කෙසේ වෙතත් පසුගිය කාලය තුළ අදාල පොතෙහි ඇති කවි සිංහල භාෂාවෙන් පරිවර්තනය කර අන්තර් ජාලය මුදා හැර තිබුණු අතර එම පොත අන්තවාදී පොතක් නොවන බව ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් සහ විචාරකයන් කරුණු සහිතව අවධාරණය කර තිබිණි.