Posted on 02.10.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස 22ක් රැදවුම්භාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා අභියාචනාධිකරණ නියෝගය ප්‍රකාරව ඊයේ(09) ඇප මත මුදාහරින ලදී.
ඒ අනුව විත්තිකාර හිජාස් හිස්බුල්ලා මුදල් රුපියල් ලක්ෂයක සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හලාවත මහාධිකරණය නියෝග කර තිබේ.
සෑම මසකම දෙවන සහ සිව්වන ඉරුදින පෙරවරු 9.00ත් පස්වරු 3.00ත් අතර කාලයේදී පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට වාර්තා කරන ලෙසද මෙහිදී මහාධිකරණය නියෝග කර ඇත.
විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය සහ පදිංචි සහතිකය අධිකරණයට භාරදීමෙන් පසු ඇපකරුවන් ලෙස ඔහුගේ සහෝදරිය සහ සහෝදරයා අධිකරණය විසින් භාරගනු ලැබීමෙන් අනතරුව මෙලෙස ඇප නියම විණී.
විත්තිකාර නිතීඥ හිජාස් හිස්බුල්ලා ඊයේ බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණී.
නිතීඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 2020 වසරේ අප්‍රේල් මස 14 වැනිදාය. පසුව ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව නිතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ ඇත.