தமிழ்
English
Contact
Friday 14th May 2021    
මාස 8කට පසුව මන්ත්‍රි ආසනය ගැන තීන්දුවක් - තවත් මාස දෙකකින් රනිල් පාර්ලිමේන්තුවට ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාස 8කට පසුව මන්ත්‍රි ආසනය ගැන තීන්දුවක් – තවත් මාස දෙකකින් රනිල් පාර්ලිමේන්තුවට !



(TopNews) මාස ගණනක් මන්ත්‍රිවරයකු නම් නොකර පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි ආසනයට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත් කෙරෙන බව එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන පැවසිය.

පසුගිය වසරේ අගෝස්තු 5 වැනිදා පැවති මහමැතිවරණයෙන් පක්ෂයට හිමි වූ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කිසිවකු නම් නොකර මාස 8ක් ගෙවී ඇත. මෙම ආසනය සඳහා තමන් ඉදිරිපත් නොවන බව රනිල් වික්‍රමසිංහ වරක් පවසා තිබිණි. ඔහුගේ අකැමැත්තක් ඇති බවද පක්ෂයේ ඇතැම් ප්‍රකාශකයෝ පැවසූහ.

අවසානයේදී ඒ ආසනය ඔහුටම ලබාදීම පක්ෂයේ ඒකමතික තීන්දුවක් බව ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එජාප සභාපතිවරයා කියා සිටියේය.