தமிழ்
English
Contact
Saturday 16th January 2021    
මාස 9ක් මැදපෙරදිග අසරණව සිටින දහස් ගණනකින් 600ක් ගෙන්වයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාස 9ක් මැදපෙරදිග අසරණව සිටින දහස් ගණනකින් 600ක් ගෙන්වයි !



කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තමන් ලංකාවට ගෙන්වාගන්නා ලෙස ඉල්ලා සිටි දහස්ගණනක් විදේශ ශ්‍රමිකයන් අතුරින් තවත් 600 දෙනකු මාස 9කට පසුව මෙරටට ගෙන්වා ගෙන ඇත.

කොරෝනා වසංගතය නිසා මැදපෙරදිග රටවල අසරණව සිටින නිසා තමන් නැවත ලංකාවට පැමිණිමට ගුවන් පහසුකම් සලසන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියද ඊට ආණ්ඩුව විසින් ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකළ බැවින් ඔවුහු මාස 9ක් තිස්සේ මහමාර්ග අසළ, තාවකාලික නවාතැන්වල හා හිතවතුන්ගේ නවාතැන්වල දුක් විඳිමින් සිටියහ.

ඊයේ(9) මෙසේ නැවත ලංකාවට පැමිණිමේ අවස්ථාව හිමිව ඇත්තේ සෞදි අරාබියේ 293, ඩෝහා කටාර් 111, ඩුබායි 191 හා මාල දිවයිනේ 60 දෙනකුට පමණි. ඔවුන් මෙරටට පැමිණි පසුව සති දෙකක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තබාගෙන ඉන්පසුව PCR පරික්ෂාවට ලක් කර නිරෝගී නම්, නිවෙස් කරා යැවීමට නියමිතය.