தமிழ்
English
Contact
Saturday 18th August 2018    
මැක්රෝන්ගේ ආර්ථික ප්‍රතිස්ංස්කරණ එරෙහිව පැරිස් නගරයේ විරෝධතා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැක්රෝන්ගේ ආර්ථික ප්‍රතිස්ංස්කරණ එරෙහිව පැරිස් නගරයේ විරෝධතා



ප්‍රංශ ජනාධිපති ජනාධිපතිධුරයට පත්ව වසරක් පිරෙන දිනයට පෙර දින වූ ඊයේ එරට කම්කරුවන් දහස් ගණනක් විරෝධය පාමින් පැරිස් නගරයේ වීදි බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට වෘත්තීය සමිති විසින් පසුගිය වසර තුල ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ කම්කරු නීති ප්‍රතිසංස්කරණවලට එරෙහිව මෙම උද්ඝෝෂණ පවත්වා ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදේ.

පසුගිය වසරක පමණ කාලය තුල ප්‍රංශයේ සිදුකරන ලද නව කම්කරු නීති වෙනස්කම් හේතුවෙන් එරට කම්කරුවන්ගේ දෛනික හා සේවා කොන්දේසිවලට බරපතල සීමාවන් පනවා තිබේ. මේ වන විට එම ප්‍රතිස්ංස්කරණ හේතුවෙන් එරට වැඩකරන ජනාතාව මහත් පීඩාවට හා ආර්ථික  අතින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබේ.

මෙම තත්වයට එරෙහිව ඊයේ යෙදී තිබූ මැක්රෝන්ගේ ජනාධිපත්ධූරයට පත්ව වසරක් සිපිරෙන දිනම අති විශාල කම්කරු පිරිසක් පැරිස් නගරයට එක්රැස්  සිය සේවා කොන්දේශි හා කම්කරු අයිතීන් නැවත ස්ථාපිත කරන ලෙස බලකරමින් මෙසේ විරෝධතා විරෝධතා දක්වා අති බව වාර්තාවේ.

බලයට පැමිණිමට පෙර ප්‍රංශයට සෞභාග්‍ය ලගාකර දෙන බවට පොරාන්දු ලබා දෙමින් බලයට පැමිණි මැක්රෝන්ට වසරක් ගෙවී යන විට ප්‍රංශය තුල හිමිව තිබූ ජනප්‍රියභාවය මේ වන විට වේගයෙන් පිරිහෙමින්මින් තිබෙන බව වාර්තාවේ.

පසුගිය සති කිහිපය පුරාම ප්‍රංශයේ විවිධ නගරවල මැක්රෝන්ගේ නව ආර්ථික ප්‍රථිසංස්කරණවලට හා කම්කරු නීති වෙනස්කම්කිරීමේ සැලැසුම්වලට එරෙහිව විරෝධතා ගණනාවක් ප්‍රංශය පුරා පවත්වා තිබේ.