தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
මැතිවරණයකදී සුළු පක්ෂවලට යට නොවන්න ප්‍රසාද මන්ත්‍රී ධූර ලැබෙන යෝජනාවක් සම්මත කළ යුතුයි - ගම්මන්පිල | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණයකදී සුළු පක්ෂවලට යට නොවන්න ප්‍රසාද මන්ත්‍රී ධූර ලැබෙන යෝජනාවක් සම්මත කළ යුතුයි – ගම්මන්පිල



මහ මැතිවරණයකදී දිනන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රී ධූර 15ක් ලබාදීමේ යෝජනාවක් ප්‍රධාන පක්ෂ දෙක එකට එකතුවී පාර්ලිමේන්තුවේදී සම්මත කළ යුතු බව පිවිතරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

එසේ සම්මත කර ගැනීමෙන් පසු මහ මැතිවරණයකින් ජය ලබන පක්ෂය කුමන අවස්ථාවකදීවත් ආණ්ඩු බලය පිහිටුවා ගැනීම සඳහා සුළු පක්ෂවලට යටවීමේ වුවමනාවක් නොමැති බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

සුළු පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණයකදි ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය සියට 12.5 දක්වා වැඩි කිරිමට කටයුතු නොකර මැතිවරණයේදි ජයග්‍රහණය කරන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රිධුර 15 ක් ලබා දීමට කටයුතු කළ යුතු බව උදය ගම්මන්පිල මෙහිදී පැවසීය.

1994 පසුව කිසිදු අවස්ථාවක මුස්ලිම් දේශපාලන පක්ෂක් තනිවම මැතිවරණයකට ඉදිරිපත් නොවු බවත් ඔවුන් සෑම විටම ප්‍රධාන පක්ෂයක් සමඟ ඡන්දයට ඉදිරිපත් වු බවද මන්ත්‍රීවරයා පවසයි.

අගය සියයට 12.5 දක්වා වැඩි කළොත් මුස්ලිම් පක්ෂ කෙසේ වෙතත් EPDP සහ ජනතා විමුත්ති පෙරමුණ වැනි පක්ෂ වලට පාර්ලිමේන්තුවට එමට කිසිදු අවස්ථාවක් නොමැතිවන බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

ප්‍රධාන දේශපාලන පක්ෂ සුළු පක්ෂ මත යෑපිම සිදු වන්නේ සුළුවීමේ අගය සියයට 5 වීම මත නිසා නොවන බවත් පවතින මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 ලබා ගැනීමට දිනන පකෂයට නොහැකි වීම නිසා බවද මන්ත්‍රීවරයා පවසයි.