தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
මැතිවරණයට හිස්බුල්ලා සහරාන් සමඟ ගිවිසුම් ගැහුවා - අසාද් සාලි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණයට හිස්බුල්ලා සහරාන් සමඟ ගිවිසුම් ගැහුවා – අසාද් සාලි



නැගෙනහිර මැතිවරණයට හිස්බුල්ලා සහරාන් හෂීම් සමඟ ගිවිසුමක් අත්සන් කළ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඊයේ(11) පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ශාක්ෂි දෙමින් පවසා ඇත.

සහරාන් බිහිවන්නේ නැගෙනහිර මැතිවරණය සමඟ බවත් මැතිවරණයට තරඟ කරන සියලු දෙනා ඔහු සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතු බවට සහරාන් පැවසූ බවද අසාද් සාලි සාක්ෂි දෙමින් පවසා තිබේ.

ඒ අනුව එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහරාන් සමඟ ගිවිසුමක් අත්සන් කළ බවත් කාත්තන්කුඩි ජනතාව සහරාන්ට බියෙන් පසුවූ බවද කීය.

කාත්තන්කුඩි ප්‍රදේශයේ සාම්ප්‍රදායික මුස්ලිම් නිවාස 120ක් සහරාන් විසින් ගිනි තැබූ බවද ඒ සම්බන්ධව සහරාන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ කාත්තන්කුඩිය පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදුන් බවද අසාද් සාලි පවසා ඇත.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා පවසන්නේ පසුව සහරාන්ගේ කටයුතු සම්බන්ධව පොලීසියට පැමිණිලි කළද පොලීසිය සිටියේ සහරාන් සමඟ බවයි.

එසේම මේ පිළිබඳව ජනාධිපතිවරයාටද පැමිණිලි කළ බව අසාද් සාලි පවසයි.

මැතිවරණවලදී විවිධ මැර කණ්ඩායම්වලට, ධනවත් පුද්ගලයන්ට හෝ සමාජයට බලපෑම් කළ හැකි පුද්ගලයන්ට අල්ලස් දීම හිස්බුල්ලා පමණක් නොව අපේ රටේ දේශපාලනඥයන් බහුතරය අනුගමනය කරන උපක්‍රමයකි. ඡන්ද පදනම් වැඩිකර ගැනීම සඳහා එවැනි පුද්ගලයන් සමඟ ගිවිසුම් වලටද පිවිසේ. එහි ඇති බරපතල කම වන්නේ මෙවැනි දේශපාලන ගිවිසුම් නිසා ගිව්සුම්ගතවන පුද්ගලයන්ගේ අපරාධ ක්‍රියා යට ගැසීමට මෙම දේශපාලනඥයන් උදව් දීමයි. එහි අවසානය සාමාන්‍ය ජනතාවට මේවා සඳහා වන්දි ගෙවීමට සිදුවීමයි.