தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
මැතිවරණයේදී තුනෙන් දෙක ගන්න එජාප පාක්ෂිකයන්ගේ සහය අත්‍යවශයි - නිමල් සිරිපාල ද සිල්වා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණයේදී තුනෙන් දෙක ගන්න එජාප පාක්ෂිකයන්ගේ සහය අත්‍යවශයි – නිමල් සිරිපාල ද සිල්වා



ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සදහා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඔවුන් සාදරයෙන් පිළිගත යුතු බවත් නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

බදුල්ල ඌව පරණගම ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයින් 400 දෙනෙකු පමණ ඉදිරි මහ මැතිවරණයේදී රජයට සහාය පළ කරන බව සදහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

එක්සත් ජාතික පාක්ෂිකයින් යනු අපේම ගම්වල ජීවත් වන මිත්‍රයින් වන බැවින් ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීම පහසු කටයුත්තක් බව ද ඇමතිවරයා සඳහන් කර ඇත.

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එක්ව ගොඩ නගන සංධානය ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.