தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
මැතිවරණයේදී ප්‍රමාණවත් අවස්ථාවක් නොලැබුණොත් අපි තනිව තරඟ කරනවා - මෛත්‍රීපාල සිරිසේන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණයේදී ප්‍රමාණවත් අවස්ථාවක් නොලැබුණොත් අපි තනිව තරඟ කරනවා – මෛත්‍රීපාල සිරිසේන



ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රමාණවත් අපේක්ෂක සංඛ්‍යාව නොලැබුණහොත් ආණ්ඩුවෙන් ඉවත්ව තනිව තරඟ වදින බව මෛත්‍රීපාල සිරිසේන සදහන් කොට ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.

2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් තේරීමේදී තම පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බවත් අඩුම වශයෙන් අපේක්ෂකයින් 30ට අවස්ථාව ලබාදුන්නේ නම් 25ක් අනිවාර්යයෙන් පාර්ලිමේන්තු පැමිණිය හැකිව තිබූ බවද මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.

“ඉදිරි පළාත් සභා මැතිවරණය එකතුවෙලා තරඟ කිරීමටයි අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපිට ලැබිය යුතු සාධාරණ ආසන ගණන ලැබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. අපිට එය ලැබුණොත් ආණ්ඩුවත් එක්ක එකතුවෙලා තරඟ කිරීමට ගැටළුවක් නැහැ. නමුත් සාධාරණ ලෙස නොසැලකුවහොත්, අපේ පක්ෂය තීරණය කරාවි තනියෙන් තරඟ කිරීමට. අපි විකල්ප දෙකටම ලෑස්තියි.”

එසේම හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් ලෙස කොවිඩ් ආසාදිත මරණ භූමදානය සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට තමන් එකඟ බවද මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පවසා ඇත.