தமிழ்
English
Contact
Friday 14th August 2020    
මැතිවරණය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තියන්න අමතර කෝටි 50ක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තියන්න අමතර කෝටි 50ක්



ඉදිරි මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද යටතේ පැවැත්වීමට අමතර කෝටි පනහක පමණ මුදලක් වැයවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
මේ අතර ඡන්ද මධ්‍යස්ථානවල පාවිච්චිය සඳහා මිලදී ගෙන ඇති අත් පිරිසුදු කාරක දියර, මුහුණු ආවරණ, මුඛ ආවරණ හා ඇඟිලිවල තීන්ත ගැල්වීමට යොදා ගන්නා ඉටිකූරු ඒ ඒ දිස්ත්‍රික්කවලට බෙදා හැරීම ඊයේ (23) ඇරඹූ බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පවසා තිබේ.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා උණබැලීමේ උපකරණ 60ක් මිලදී ගැනීමට ද මැතිවරණ කොමිසම කටයුතු කරගෙන යයි.

ඡන්දයේ වියදම් සඳහා රුපියල් කෝටි සියයක පමණ මුදලක් මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිට ලබාදී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

මුද්‍රණ වියදම් සඳහා මින් කෝටි දහයක මුදලක් රජයේ මුද්‍රණාලයට ලබාදුන් බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

මේ අතර මැතිවරණයේ වියදම් සඳහා මැතිවරණ කොමිසම තවත් කෝටි සියයක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.