Posted on 09.08.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2019 අයවැය යෝජනාවට අනුව රාජ්‍ය සේවක විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ගැලපීමේදී යුද හමුදා විශ්‍රාමිකයින් 51000 ක් අතරින් 25000 කගේ පමණ වැටුප් වැඩිවීමක් අනිද්දා (10) ට යෙදී ඇති විශ්‍රාම වැටුප් දිනයේදී සිදුවන බව යුද හමුදා වැටුප් හා ලේඛන කාර්යාලය පවසයි.
පසුගිය මාසයේ විශ්‍රාමිකයන් 10000 කට පමණ මෙම වැටුප් විෂමතාව නිවැරදි කර සංශෝධිත වැටුප හිමිවූ බවද වැටුප් හා ලේඛන අධ්යක්ෂ බ්‍රිගේඩියර් එන්.වේරගොඩ පැවැසීය. විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 01/2019 සංශෝධිත (ii) හා 2019.07.26 දරන උපදෙස් ලිපියට අනුව සංශෝධන නිවැරදි කර ගෙවීම සිදු කිරීමට තීරණය කර ඇත.
මැතිවරණ සඳහා විවිධ බලවේගවලට අල්ලස් ලබා දී ආණ්ඩුවට පක්ෂ චන්ද ප්‍රමාණය වර්ධනය කරගැනීමට ආණ්ඩුව සිය සුපුරුද් උපක්‍රමය භාවිත කරමින් සිටී. මෙම ක්‍රමය මින් පෙර පැවති මහින්ද පාලනය මෙන්ම ඉයින් පෙරාතුව ආණ්ඩු විසින්ද සිදුකර ඇත.