தமிழ்
English
Contact
Friday 14th August 2020    
මැතිවරණ කොමිසමේ අවසන් තීරණ සඳහා විශේෂ සාකච්ඡාවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණ කොමිසමේ අවසන් තීරණ සඳහා විශේෂ සාකච්ඡාවක්!



උද්ගතව ඇති පසුබිම තුළ මහමැතිවරණයට අදාළ තීරණ සලකා බැලීමට මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් හෙට(11) පැවැත්විමට නියමිත බව දැනගන්නට තිබේ.

මැතිවරණ  කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා නිලධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

එම සාකච්ඡාවෙන් පසුව සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් සහභාගිවන සාකච්ඡාවක් ඉන්පසුදින(12) මැතිවරණ කොමිසම විසින් කැඳවා තිබේ.

එහි දි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශ කරන්නට නියමිත බව වාර්තා වේ.