தமிழ்
English
Contact
Thursday 1st October 2020    
මැතිවරණ කොමිසමේ විවේචනය මැද 5000 දීමනාව ලබාදීම ඉදිරියටත් - පවිත්‍රා කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණ කොමිසමේ විවේචනය මැද 5000 දීමනාව ලබාදීම ඉදිරියටත් – පවිත්‍රා කියයි



කොරෝනා වසංගතය සමයේ අසරණ පවුල්වලට ලබාදෙන රු. 5000 සහන දීමනාව දේශපාලන අරමුණු සඳහා උපයෝගිකර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම පළ කළ අදහස තිබියදී ඒම දීමනාව ආණ්ඩුවේ යාන්ත්‍රණයකින් බෙදා හැරෙන බවට ලකුණු පහළ වී ඇත.
දෛනික ආදායම් අහිමි වූ පිරිස් වෙත ලබා දෙන සහනාධාරයේ මැයි මාසයට අදාළ රුපියල් 5000 ඉදිරි සතිය තුළ ලබා දීමට කටයුතු කරනු ලබන සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි පවසා සිටී.
පවුල් 5,071,892 සඳහා වූ රුපියල් මිලියන 25359 ක මුදලක් මැයි මස දීමනාව ලෙස ලබාදීමට මේ වන විට කටයුතු සූදානම්කර ඇත. මෙම සහනාධාර බෙදා දීමේදී වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි අයවලූන් ලෙස 797,635 ක් ස`දහා රුපියල් මිලියන 3988 මුදලක් මැයි මාසය වෙනුවෙන් ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.
ආර්ථිකය අඩපන වී ඇති අවස්ථාව සලකමින් මෙම සහනාධාරය සඳහා රුපියල් මිලිය 25,000කට අධික මුදලක් මැයි මාසය සඳහා ජනාධිපතිවරයා විසින් වෙන් කර ඇතැයි පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
ඇය මේ කරුණු අනාවරණය කළේ ‘කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ පැවැති මාධ්‍ය හමුවකදීය.