தமிழ்
English
Contact
Thursday 5th December 2019    
මැතිවරණ කොමිසම මාධ්‍ය පක්ෂග්‍රාහිත්වය ගැන කිව්වෙ ඇත්ත - මෙන්න සාක්ෂි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණ කොමිසම මාධ්‍ය පක්ෂග්‍රාහිත්වය ගැන කිව්වෙ ඇත්ත – මෙන්න සාක්ෂි!



මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් පසුගිය දිනක ජනමාධ්‍ය පක්ෂග්‍රාහිත්වය සම්බන්ධයෙන් විවචෙනාත්මකව සඳහන් කරමින් ඇතැම්විට මාධ්‍ය ආයතනවලට නඩුපැවරීමට සිදුවනු ඇති බවට අනතුරු ඇගවීය.

මේ අන්දමට ජනාධිපතිවරණය වෙනුවෙන් මාධ්‍ය වාර්තාගතකරණයේ පක්ෂග්‍රාහිත්වය අනාවරණය කරමින් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සහ ‘එතික්ස් අයි’ ආයතනය විසින් සිය සමීක්ෂන වාර්තා ප්‍රකාශයට පත්කර තිබිණි. (පහත පළ වන්නේ ‘එතික්ස් අයි’ ආයතනයෙන් පළ කළ මාධ්‍ය ආවරණ සම්බන්ධ ප්‍රස්ථාරමය සටහනයි.)

” ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 12 දක්වා වන කාලසීමාව අතරතුර දී තෝරාගත් රාජ්‍ය හා පුද්ගලික රූපවාහිනී නාලිකාවන් කිහිපයක් ඔස්සේ 2019 ප්‍රධානතම ජනාධිපතිවරණ අපේක්ෂකයින් හට ප්‍රවෘත්ති විකාශයන් තුළ වෙන් කොට තිබූ ගුවන් කාලයන් සැසඳීමක් බව සලකන්න. එසේම මෙම දත්ත තුළට සති අන්ත ප්‍රවෘත්ති ආවරණයන් ඇතුළත් නොවන බව ද සැලකිය යුතුයි.

මෙම ගුවන් කාලයන් සැසඳීම සඳහා පහත දැක්වෙන ආවරණය කිරීම් සැලකිල්ලට ගෙන ඇත.

1) අපේක්ෂකයාට සහාය දක්වමින් පැවැත්වුණු පක්ෂ රැළි සහ මාධ්‍ය සාකච්ඡා. මෙහිදී පක්ෂයේ සලකුණ/ අපේක්ෂකයාගේ නම/ඔහු හෝ ඇය ඉදිරිපත්වන අංකය / අපේක්ෂකයාගේ ඡායාරූප යන ඒවායින් එකක් හෝ කිහිපයක් පසුබිමින් දැක්වෙන මාධ්‍ය සාකච්ඡාවන් මීට ඇතුළත් බව සලකන්න
2) යම් යම් කණ්ඩායම් මගින් අපේක්ෂකයා වෙත සිය සහාය පළ කරනා මාධ්‍ය සාකච්ඡාවන් සහ රැස්වීම්.
3)අදාළ අපේක්ෂකයාගේ දේශපාලන සහායකයින් විසින් අනෙකුත් අපේක්ෂකයෙකුට එරෙහිව සෘණාත්මක අදහස් පළ කරනා මාධ්‍ය සාකච්ඡාවන්
4) විවිධ කණ්ඩායම්/පුද්ගලයින් හා අපේක්ෂකයා අතර වන හමුවීම්
5) ඉහත සඳහන් ප්‍රවෘත්ති සඳහා පුවත් නිවේදකයා විසින් සිදුකරනා හඳුන්වා දීම් (සිරස්තලයන් සහ ප්‍රධාන පුවත් යන දෙකම)

ඉහත ආවරණය කිරීම් සම්බන්ධ දත්ත එක්රැස් කිරීම වෙනුවෙන් එතික්ස් අයි විසින් අදාළ නාලිකාවන් මගින් ඔවුන්ගේ යුටියුබ් නාලිකාවන් වෙත එක් කරනා ප්‍රවෘත්ති වීඩියෝ පරිශීලනය කොට ඇත.
ඔක්තෝබර් 12-28 දක්වා සතිය තුළ අපට ප්‍රවේශය තිබූ සිරස නිව්ස්ෆර්ස්ට් හි ඇතැම් වීඩියෝවන්හි තාක්ෂණික ගැටළු තිබුණු අතර, එහිදී එතික්ස් අයි විසින් සමස්ත ආවරණය ගණනය කිරීමේදී සැලකිල්ලට ගනු ලැබුවේ ප්‍රවේශ වීමට හැකි වූ දත්ත සලකා බලමින් බව කරුණාවෙන් සලකන්න.
එසේම නොවැම්බර් 1-7 දක්වා සතිය තුළ සිරස නිව්ස්ෆර්ස්ට්හි සහ නොවැම්බර් 4 වැනි දින ස්වර්ණවාහිනී පුවත් විකාශයේ දත්ත සඳහා ප්‍රවේශය නොතිබුණු බවද කරුණාවෙන් සලකන්න.